July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල බලයක් නෑ | ගෙදර ගිහින් හොයා බලන්න ඕන.- හර්ෂණ නානායක්කාර

1 min read

බන්ධනාගාර තුළ වෙඩි තැබීමේ නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන්ට නීත්‍යානුකූල බලයක් නොමැති බවත්, ඒ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සහ එහිදී සිදු වූ වෙඩි තැබීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, බන්ධනාගාර ආඥාපනත යටතේ තත්ත්වය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමේ බලය පවතින්නේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.

හමුදාව සහ පොලිසිය තුළ පවතින ‘අණදීමේ දාමයක්’ හරහා ක්‍රියාත්මක වන වෙඩි තැබීමේ නියෝග බන්ධනාගාර පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තමන්ට තවමත් ගැඹුරු අවබෝධයක් නොමැති බවත්, ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පිළිගත්තේය.

එමෙන්ම, මීගමුව බන්ධනාගාර සිද්ධියේදී විශේෂ කාර්ය බලකාය ගිනි අවි භාවිත නොකිරීම සම්බන්ධයෙන් නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැහැදිලි කළේ, බන්ධනාගාර පරිශ්‍රයක් තුළ ගිනි අවි භාවිත කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ බන්ධනාගාර නිලධාරීන්ට පමණක් බවයි.

ජනප්‍රිය පුවත්  මෙවර ආර්ථීක සමුළුවෙන් හදුන් කැපේ! හරිනි යයි!

විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර පරිශ්‍රය තුළ ගිනි අවි භාවිත කිරීම නීති විරෝධී බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x