පියාඹන පීරිස්
1 min read
දිලීප පීරිස් දිහා බැලුවම මට පෙනෙන අනිවාර්ය ලක්ෂණ කිහිපයක් තියෙනවා.
එක්කො දිලීප කුඩා කාලයේ ඉතාම දැඩි දුක් විඳලා, වේදනා විඳලා අමාරුවෙන් අද ඉන්න තැනට ආපු සමාජය එක්ක වෛරයකින් ඉන්න මිනිහෙක්.
එහෙම නැත්නම් දිලීප කුඩා කාලයේ සහ තරුණ කාලයේ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙලා, ඒ නිසා සමාජයට වෛර කරන් අද ඉන්න තැනට ආපු මිනිහෙක්.
දිලීප අධිකරණයේ කතා කරන නාට්‍යානූසාරයේ තියෙන්නේ මේ වෛරය. මේ වෛරය මිනිහෙකුට හිතලා රඟපාන්න බැහැ.
පපුව ඇතුලෙන් පැස වන වෛරයක සහයක් අවශ්‍යයමයි.
මම දීලිප ඊලගට කියවා ගත්තේ නීති සිසුන්ට දේශනයක් දෙන දවසේ.
ඔහු ‘Lots of ”පණ්ඩිතයාස්” in this room’ කියලා කිව්වා.
ඒ වගේම ඩෙනිම් අඳින, පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ආපු නීති ශිෂ්‍යාවො ඔහු දැඩිව විවේචනය කළා.
අනිවාර්යෙන්ම ඔහු තරුණ කාලයේ කාන්තා ආකර්ෂනය නොලැබුණු, ප්‍රතික්ෂේප වෙච්ච මනුෂ්‍යයෙක් විය හැකියි.
ඔහු අද සිය නිල බලය එයට පළිගැනිමක් ලෙස භාවිතා කරනවා.
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල නීති උපාධිය ලබා දෙන්නේ කලා අංශයෙන්.
හැබැයි නීති වෘත්තිය කියන්නේ තර්කන බුද්ධිය සහ විශ්ලේෂනාත්මක බුද්ධිය (Analytical thinking) සෑහෙන උවමනා රැකියාවක්.
නමුත් දිලීප එවැනි හැකියාවක් නැහැ.
දිලීප නීතිඥයෙක් ලෙස මතුවෙන්නේ රූපවාහිනි වලින් අධිකරණ සහ නඩු විස්තර විකාශය කරන්න ගත්තට පස්සේ.
රූපවාහිනියට නඩුවේ නීති පදනම සහ තර්ක වැඩක් නැහැ.
ඔවුන් ඒ කොටස් පෙරලා තෝරා ගන්නේ නීතිඥවරුන්ගේ නාට්‍යානුසාරී කොටස් පමණයි.
දිලීප මේ අවස්ථාව ලංකාවේ ලෝ Iq මැද පන්තියට සහ ග්‍රාමීය පන්තියට කතා කරන්න සහ ඔවුන් අතර ජනප්‍රිය වෙන්න, වීරයෙක් වෙන්න අවස්ථාවක් විදියට දැක්කා.
එදා ඉදලා නඩු වල දිලීප කරන්නේ රඟපාන එක.
ෆිල්ම් එකක වීරයෙක් ඩයලොග් දෙනවා වගේ ඝන පිහිටුවලා, රඟපාලා දිලීප කෑ ගහනවා.
පන්ච් ලයින් දෙනවා.
මාධ්‍යකරුවොත් ඒ කොටස් උස්සනවා.
නමුත් නඩුවක ප්‍රතිඵලය තීරණය වෙන්නේ නාට්‍යානුසාරී කොටස් වලින් නෙවෙයි.
නීති තර්ක වලින් සහ ලොජිකල් හරස් ප්‍රශ්න වලින්.
ඔබ විජේදාස රාජපක්ෂ, G.L පීරිස් වගේ ලංකාවේ ටොප් ලෝයර්ස්ලා නඩුවකට ලෑස්ති වෙන විදිය බැලුවොත් ඔවුන්ගේ නඩු වල නාට්‍ය නැහැ, රඟපෑම් නැහැ.
ඔවුන් අධ්‍යනය කරන්නේ නඩුවට අදාල නීති. පැරණි නඩු තීන්දු.
ඊටපස්සේ සාක්ෂි කියවලා ඒවායේ සංගත නොවන තැන්.
එම නිසා ඔවුන් නඩු දිනන සම්භාවිතාව බොහෝ වැඩියි.
දිලීප නඩුවක් දිනපු නීතිඥයෙක් නෙවෙයි.
හුදෙක් ඔහු රඟපාලා, රූපවාහිනි රේටිංග්ස් හදලා දෙන්න කෑ ගහන නීතිඥයෙක්.
අද නඩුව වුනත් බලන්න.
ෆේස්බුක් එකේ ඩෝබියො කියපු කතාවම ඔහු අධිකරණයේ කිව්වා.
එනම් ‘සුරේෂ් සලේ ටෆ් නැති ය’ කියලා කිව්වා.
එහි අදහස සුරේෂ් සලේ බුද්ධි නිළධාරියෙක් නිසා ශානි දෙන වද බන්ධන පැමිණිලි කිරීමකින් තොරව ඔහු දරා ගත යුතු ය යන්න.
මොන තරම් ගොබ්බ සහ මෝඩ අදහසක් ද ?
දක්ෂ විත්තියේ නීතිඥයෙකුට ලිටරලි නැතිම කරලා ෆ්ලෝ එක මොප් කරන්න ගන්න පුලුවන් තරම් මෝඩ අදහසක්.
එනම් දිලීප අද අධිකරණයේ පිළිගත්තා ශානි, සලේට වද බන්ධන ලබා දෙනවා කියලා.
හැබැයි මේ බුවාට තේරෙන්නෙ නැහැ අධිකරණය ඉදිරියේ සුරේෂ් සලේ තවත් එක් පුරවැසියෙක් ය කියලා.
අනිත් සිවිල් වැසියන්ට තියෙන මානව අයිතිවාසිකම් සුරේෂ් සලේටත් තියෙනවා කියලා.
අත්අඩංගුවේ දි වද බන්ධනයට යටත් කිරීම නීති විරෝධි මෙන්ම මේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීමක් ය කියන කාරණාව දිලීපට අමතක වුණා.
බුද්ධිමත් , ඇනලිටිකල් තිංකින් එකක් තියෙන ලෝයර් කෙනෙකුට මේ කතාව ලේසියෙන්ම පික් වෙනවා.
මේ ගොබ්බ කතාව අහපු ගමන්ම මගේ ඔලුවට ආවේ දිලීප නඩුව පරාදයි කියලා.
නමුත් දිලීප දක්ෂ නීතිඥයෙක් නෙවෙයි.
ඔහුට ඒ තාර්කික හැකියාව හෝ විභවය නැහැ.
ඔහු රඟපාල, කෑ ගහලා සහ එන ඕනෑම ආණ්ඩුවකට ගොට්ට අල්ලලා සහ කුණු කොන්ත්‍රාත් කරලා උසස් වීම් ගත්තු මිනිහෙක් මිසෙක නඩු දිනපු මිනිහෙක් නෙවෙයි.
කාලවර්ණ දේහධාරී දිලීප උසාවියේ කෑ ගහනවා.
ඔහුගේ රූපය, ඒ හඬ සහ වේදනාව අස්සේ මට පේනවා සමාජයට තවමත් වෛර කරන මිනිහෙක්.
ඒ මිනිහාගේ ඔරිජින් ස්ටෝරිය බැලුවොත් අනිවාර්යෙන්ම අපිටත් දුක හිතෙන කතාවක් ඇති.
අද නීතිඥ ක්ෂේත්‍රයේ පිරිස් දිලීප විහිලුවකට අරන්.
තවත් සමහරු ඔහුව දැඩිව විවේචනය කරනවා.
හැබැයි මගේ මතය වෙනස්.
මගේ මතය මේ තඩි පිරිමියා අස්සේ ඉන්නේ බිඳුනු තරුණයෙක් සහ ළඳරුවෙක්.
ඔහු මේ කවර් කරන්නේ ඒ ඇරියස්.
ඔහුට සලේ එක්ක ප්‍රශ්නයක් නැහැ.
ඔහුට ඉස්සර හිජාස් හිස්බුල්ලා එක්ක ප්‍රශ්නෙකුත් තිබුණේ නැහැ.
ඔහුට තියෙන්නෙ සමාජය එක්ක වෛරයක්.
තමන්ට වඩා උසස් යැයි සහ දේවල් ලැබුණා යැයි ඔහු සිතන මිනිස්සු එක්ක ප්‍රශ්නයක්.
එමෙන්ම සමාජය එක්ක තව තව ඇරියස් කවර් කිරිමට, ආණ්ඩු වල කුණු කොන්ත්‍රාත් කරලා, ආණ්ඩු සතුටු කරලා උඩට යන්න ආශාවෙන් ඉන්න මිනිහෙක්.
මෝරල් කෝඩ් එකක් නැති මිනිහෙක්.
ඕනෑම දෙයක් විකිණීමට ලෑස්ති මිනිහෙක්.
ඇත්තටම දිලීප පීරිස් කියන්නේ අපි අනුකම්පා කළ යුතු මනුස්සයෙක්.
- Sachin Rathwatte –
