July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ඩොලර් බිලියනයක මහා පරිමාණ විනිමය වංචාවක්” | මහබැංකුව ඇතුළු ආයතන වහාම මුදල් කමිටුව හමුවට කැඳවන්නැයි රවීගෙන් හදිසි ඉල්ලීමක්

1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී අනාවරණය කරන ලද “ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිවයුතු රාජ්‍ය මූල්‍ය සහ නීති බලාත්මක කිරීමේ ආයතන වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉල්ලා සිටී.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා පසුගිය(සඳුදා) දින මුදල් කමිටුවේ සභාපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ, මෙම බරපතළ චෝදනා පිළිබඳව කඩිනමින් විමර්ශනය කිරීම කාරක සභාවේ ව්‍යවස්ථාපිත වගකීමක් වන අතර, එය ප්‍රමාද කිරීම අධීක්ෂණ රාජකාරිය පැහැරහැරීමක් වන බවයි.

ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස මෑතකදී කළ ප්‍රකාශයන් පෙන්වා දෙමින් රවී කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, 2024 වසරේ සිට වංචනික ටෙලිග්‍රාෆ් පණිවිඩ (TTs) සහ කිසිදු භාණ්ඩයක් රට තුළට ‘නීත්‍යානුකූලව ඇතුළු නොවුණු ආනයන’ (Phantom Imports) සඳහා කල්තියා මුදල් ගෙවීම් කිරීම හරහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ දැවැන්ත අලාභයක් සිදුව ඇති බවයි.

එසේම, ව්‍යාජ සමාගම් සහ නීති විරෝධී ගනුදෙනු හරහා බිලියන ගණනක මුදල් විදේශගත කර ඇති වෙළෙඳාම පාදක කරගත් මුදල් විශුද්ධිකරණ ජාලයක් පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කළ අනාවරණයන් ද ඔහු මෙහිදී සිහිපත් කරයි.

ජනප්‍රිය පුවත්  වෙබ් අඩවිය හැක් කරයි! කොමර්ෂල් බැංකු ගිනුම් අනතුරේ!

මෙතරම් විශාල මුදල් ප්‍රමාණයක් වංචනික ලෙස රටින් පිටවෙද්දී මහබැංකුවේ මුදල් විශුද්ධිකරණ විරෝධී සහ මූල්‍ය නිරීක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවූයේ මන්දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි. එසේම, ක්‍රිප්ටොකරන්සි මඟින් සිදුවන අවදානම් පිළිබඳව තමන් 2025 ජනවාරි මාසයේදීම මුදල් කමිටුව දැනුවත් කළ බව පවසන ඔහු, මේ සම්බන්ධයෙන් වන නියාමනයන්ගේ දුර්වලතා ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කියා සිටී.

ඒ අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් පාර්ශවයන් කමිටුව හමුවට කැඳවන ලෙස ඔහු ඉල්ලා ඇත:

  1. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්
  2. ආනයන හා අපනයන පාලක ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා
  3. මෙම ගනුදෙනුවලට සම්බන්ධ බවට සැක කෙරෙන වාණිජ බැංකු 13ක ප්‍රධාන අනුකූලතා නිලධාරීන්
  4. විමර්ශනයට අවශ්‍ය යැයි හැඟෙන වෙනත් ඕනෑම රාජ්‍ය හෝ බලාත්මක කිරීමේ ආයතනයක්

නියාමන පද්ධතියේ සිදුවූ බිඳවැටීම් හඳුනාගැනීමටත්, ආයතනික පසුබෑමට වගකිවයුත්තන් වගවීමට ලක්කිරීමටත් මෙම විමර්ශනය උපකාරී වනු ඇතැයි පවසන රවී කරුණානායක මන්ත්‍රීවරයා, මුදල් කමිටුවේ මීළඟ රැස්වීමේ න්‍යාය පත්‍රයට මෙම විෂය ඇතුළත් කර කඩිනමින් පරීක්ෂණ ආරම්භ කරන ලෙස ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  මඩ හෝදන්න, කුණුහර්ප කියන්න! එකම නමකින් සමාජ මාධ්‍ය ගිණුම් දහස් ගණනක්!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x