July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ට්‍රම්ප්ගෙන් කැනඩාවට සියයට 50ක තීරුබද්දක්

1 min read

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැනඩාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබේ.

අදාළ බදු පැනවීම දින 30ක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු වෙළෙඳ ප්‍රතිපත්තියට එරෙහිව කැනඩාව කටයුතු කිරීම හේතුවෙන් මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත බව සඳහන්ය.

අමෙරිකාවේ නිෂ්පාදනය කරනු ලබන මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර සඳහා කැනඩාව විසින් බදු අය කිරීමට ගෙන ඇති තීරණයට ප්‍රතිචාර ලෙස අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැනඩාව විසින් අමෙරිකාවට අපනයනය කරනු ලබන පාරිභෝගික භාණ්ඩ ඇතුළු භාණ්ඩ පරාසයක් සඳහා මෙම නව බදු පැනවීම සිදුකිරීමට නියමිත බව අමෙරිකාව පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x