June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැඹුරු අවපීඩනය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ඉදිරි පැය 12 තීරණාත්මකයි!

1 min read

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට තවදුරටත් වර්ධනය වී “දිට්වා” (Ditwah) නම් වූ සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම “දිට්වා” සුළි කුණාටුව දැනට පොතුවිල් නගරයට නැගෙනහිර දෙසින් ආසන්නයේ කේන්ද්‍රගතව ඇති බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම, සුළි කුණාටුව උතුරට හෝ වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබනවා.

ඉදිරි පැය 12 තුළ එය සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී දිවයිනෙන් ඉවතට ගමන් කරන බැවින් මුහුදු ප්‍රදේශ දැඩි ලෙස රළු විය හැකියි. එම සුළි කුණාටුව හෙට දිනයේ දී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරයට ගමන් කරන බවයි කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x