June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කුණාටුව නිසා පළාත් සභා මැතිවරණය තියන්න බැරිලු!

1 min read

කාලයක් තිස්සේ අකර්මන්‍ය වී පවතින පළාත් සභා මැතිවරණය පැවැත්වීම, මෙම වසරේ අග භාගය දක්වා තවදුරටත් කල්යෑමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ තොරතුරු අනාවරණය කරයි.

මෙම ප්‍රමාදයට බලපා ඇති හේතු සාධක පිළිබඳව කරුණු පැහැදිලි කළ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, අපේක්ෂා නොකළ දැවැන්ත ස්වභාවික විපත හේතුවෙන් මැතිවරණ කටයුතු සැලසුම් කළ පරිදි ඉටු කර ගැනීමට බාධා එල්ල වූ බවයි.

වසරේ මුල් භාගයේදී මෙම ඡන්ද විමසීම පැවැත්වීමට රජය මීට පෙර අරමුණු කර තිබුණ ද, පවතින තත්ත්වය හමුවේ එය තවදුරටත් පස්සට තල්ලු වන බව ඔහු තහවුරු කළේය.

මැතිවරණය පැවැත්වීමට බාධාවක්ව පවතින නීතිමය ගැටලු විසඳීම සඳහා වන සංශෝධන දැනටමත් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට එක් කර ඇති අතර, ඒවා කඩිනමින් සභාගත කිරීමට නියමිතය.

ආපදා කළමනාකරණය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන්, මෙම අවස්ථාවේදී මැතිවරණයක් සඳහා අතිවිශාල මුදලක් වෙන් කිරීමේ අපහසුතාවක් පවතින බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

දැනට වසර 11ක පමණ කාලයක සිට මෙරට සියලුම පළාත් සභා මහජන නියෝජිතයන්ගෙන් තොරව ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතින බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

ජනප්‍රිය පුවත්  ඖෂධ නියාමන අධිකාරියේ පමාවෙන් දරුවන්ගේ MRI පරීක්ෂණ මාසයක් තිස්සේ අඩාලයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x