June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාපල්ලා බන් සීනි!

1 min read

මේ වසරේ මුල් මාස 6 තුළ දී ආනයනය කර ඇති සීනි ප්‍රමාණය කැපී පෙණෙන ලෙස ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන පරිදි 2025 වසරේ මුල් මාස 6 තුළදී මෙරටට සීනි මෙට්‍රික් ටොන් 343,416ක් ආනයනය කර තිබේ. මෙය, 2024 වසරේ එම කාලයට සාපෙක්ෂව මෙට්‍රික් ටොන් 120,272ක විශාල වැඩි වීමකි. පසුගිය වසරේ මුල් මාස හයේ ආනයනය කර ඇත්තේ සීනි මෙට්‍රික් ටොන් 223,144 ක් පමණි.

මෙම ආනයනය වැඩිවීමට සාපේක්ෂව දේශිය සීනි නිෂ්පාදනය විශාල ලෙස පහත වැටී ඇත. 2025 වසරේ මුල් මාස 6 තුළ දේශිය සීනි නිෂ්පාදනය වී ඇත්තේ, මෙට්‍රික් ටොන් 26,792ක් පමණි. පසුගිය වසරේ එම කාලය තුළ දේශීය සීනි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 15,813කින් අඩු වී තිබේ.

සීනි සඳහා ආනයනය මත රඳා පැවතීමට සිදුවීම මත විදේශ විනිමය විශාල වශයෙන් රටින් බැහැරට යාම සිදු වේ. එය, ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය උග්‍ර කිරීමට හේතුවන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ප්‍රසන්න වීරපෙරුම underground වාර්තාකරු

ජනප්‍රිය පුවත්  ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x