June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඖෂධ නියාමන අධිකාරියේ පමාවෙන් දරුවන්ගේ MRI පරීක්ෂණ මාසයක් තිස්සේ අඩාලයි.

1 min read

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ළමා රෝහල වන බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ස්ථාපිත කර ඇති එකම MRI ස්කෑන් යන්ත්‍රය මාසයකට ආසන්න කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබීම හේතුවෙන් මේ වනවිට දැඩි අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අනාවරණය කරන්නේ, අක්‍රිය වී ඇති යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය අමතර කොටස් මේ වනවිටත් මෙරටට ගෙන්වා ඇතත්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලිඛිත අනුමැතිය නොලැබීම හේතුවෙන් එම කොටස් සතියකට වැඩි කාලයක් තිස්සේ රේගුව තුළ සිරවී පවතින බවයි.

  • අප්‍රේල් 21 සිට දරුවන්ගේ පරීක්ෂණ නැවතීලා

පසුගිය අප්‍රේල් 21 වනදා සිට මෙම MRI යන්ත්‍රය බිඳවැටී ඇත. කුඩා දරුවන්ගේ ස්නායු හා වෙනත් සංකීර්ණ රෝගාබාධ හඳුනාගැනීම සඳහා වන තීරණාත්මක පරීක්ෂණ සිදුකරන මෙම යන්ත්‍රය යළි සක්‍රිය කිරීම කෙරෙහි නිලධාරීන්ගේ නිසි අවධානය මෙතෙක් යොමු වී නොමැත. ලිඛිත අනුමැතියක් ලබාදීමේ පරිපාලනමය ප්‍රමාදයක් හේතුවෙන් මෙලෙස අහිංසක දරුවන්ගේ ප්‍රතිකාර ප්‍රමාද වීම බරපතල ඛේදවාචකයකි.

  • මෙය සාමාන්‍ය MRI යන්ත්‍රයක් නොවෙයි
ජනප්‍රිය පුවත්  ඉරානය අඩු මිලට තෙල් දෙන්නම් කියද්දී ආණ්ඩුව ඇයි ඉරානයෙන් තෙල් ගන්නේ නැත්තේ?

කුඩා දරුවන් සඳහා MRI පරීක්ෂණයක් සිදු කිරීමේදී බොහෝ විට ඔවුන්ව නිර්වින්දනය කිරීම අනිවාර්ය වේ. දැනට ශ්‍රී ලංකාව තුළ පවතින විශේෂිත ළමා රෝහල් දෙකෙන්, මෙම නිර්වින්දන පහසුකම් සහිතව MRI පරීක්ෂණ සිදුකළ හැකි එකම රෝහල වන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලය. දිනකට දරුවන් 10 – 12 ත් අතර ප්‍රමාණයකගේ පරීක්ෂණ සිදුකළ මෙම යන්ත්‍රය අක්‍රිය වීමෙන් දහස් ගණනක් දරුවන්ට සිය ප්‍රතිකාර ලබාගැනීම අවදානමක වැටී ඇත.

  • මාස 10ක පෝලිමක් සහ රුපියල් ලක්ෂයක බරක්

මේ වන විටත් රිජ්වේ ආර්යා රෝහල තුළ MRI පරීක්ෂණ සඳහා මාස 10කට වඩා දිගු පොරොත්තු ලේඛනයක් පවතී. යන්ත්‍රය අක්‍රිය වීමත් සමඟ දෙමාපියන්ට පෞද්ගලික අංශයෙන් මෙම පරීක්ෂණය සිදුකර ගැනීමට සිදුවී ඇති අතර, ඒ සඳහා රුපියල් ලක්ෂයකට (100,000) අධික දැවැන්ත මුදලක් වැය කිරීමට ඔවුන්ට සිදුව තිබේ. එදිනෙදා ජීවිකාව ගැටගසා ගන්නා සාමාන්‍ය පවුල්වල දෙමාපියන්ට මෙතරම් මුදලක් වැය කිරීමට නොහැකි වීමෙන් ඔවුන් දැඩි අසරණභාවයට පත්ව සිටිති.

  • වහාම මැදිහත් වන්න – රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයෙන් ඉල්ලීමක්
ජනප්‍රිය පුවත්  හරිනිට ඉන්දියාවේ වැඩි සැලකිලි!

“නිලධාරීවාදය හේතුවෙන් දරුවන්ගේ ජීවිත සමග සෙල්ලම් නොකර, යන්ත්‍රය නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් කඩිනමින් රේගුවෙන් මුදාගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාදීමට වහාම මැදිහත් වන්න.” යනුවෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සෞඛ්‍ය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.

දරුවන්ගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් වෙන්වූ රෝහලක යන්ත්‍රයක්, හුදු ලිපියක් නොමැතිකමින් මාසයක් තිස්සේ අක්‍රියව පැවතීම ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ ඛේදනීය තත්ත්වය මනාව පිළිඹිබු කරන්නකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x