June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇයි අපි කියන විදිහට වැඩ නොකළේ..? IMF නියෝජිතයින් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි!

1 min read


ලංකා විදුලිබල මණ්ඩලය නියමිත වේලාවට සිය විදුලි ගාස්තු සංශෝධන යෝජනා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.


ඉවාන් පැපගේඕජියෝ මහතාගේ නායකත්වයෙන් යුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය ජනවාරි 22 සිට 28 දක්වා මෙරට සංචාරයක නිරත වූ අතර එම අවස්ථාවේ ඇති වූ සාකච්චා අතරතුර මෙම සිදුවීම වී තිබේ.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව, ලංකා විදුලිබල මණ්ඩලය සැමවිටම පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතුය. එහෙත් මණ්ඩලයේ ප්‍රමාදය හේතුවෙන් මෙවර ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබේ.


මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිය ගාස්තු සංශෝධන යෝජනාව 2025 නොවැම්බර් 14 වන දිනට පෙර ඉදිරිපත් කරන ලෙස විදුලිබල මණ්ඩලයට උපදෙස් දී තිබුණි.


කෙසේ වෙතත්, මණ්ඩලය එය ඉදිරිපත් කර ඇත්තේ නියමිත කාල සීමාව ඉක්මවා යමින් 2025 දෙසැම්බර් 29 වන දිනදීය. එමෙන්ම එම වාර්තාවේ දෝෂ සහ අඩුපාඩු පැවති බවද අනාවරණය වේ.

ජනප්‍රිය පුවත්  වෙබ් අඩවිය හැක් කරයි! කොමර්ෂල් බැංකු ගිනුම් අනතුරේ!


එහි පවතින දෝෂ නිවැරදි කර 2026 ජනවාරි 08 වන දිනට පෙර නැවත ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව දැනුම් දුන්නද, විදුලිබල මණ්ඩලයට එම කාලය තුළ සම්පූර්ණ කරන ලද නිසි යෝජනාවලියක් ලබා දීමට නොහැකි වී ඇත.
විදුලිබල මණ්ඩලය සිය යෝජනා නියමිත වේලාවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නියෝජිතයින් විමසා ඇත.
මෙහිදී මූල්‍ය අරමුදල වෙත සහතික වී ඇත්තේ මීළඟ ගාස්තු සංශෝධන යෝජනාව නියමිත කාලසීමාව තුළ ලබා දීමට කටයුතු කරන බවයි.


ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2026 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 11.57ක විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා තිබූ අතර, සිදු වූ ප්‍රමාදය නිසා ඉදිරි මාස 03 ක කාලය විදුලි ගාස්තු සංශෝදනයක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශ කරනු ලැබීය.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x