June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අර්බුදය හමුවේ ජාතික ආණ්ඩුවකට සැරසේ!

1 min read

ඉදිරි කාලය තුළ ආණ්ඩුව හමුවේ නිර්මාණය වීමට නියමිත බරපතල ආර්ථික හා සමාජමය කුණාටුවට මුහුණ දීම සඳහා කඩිනමින් ජාතික ආණ්ඩුවක් සෑදිය යුතු යැයි ජනාධිපතිවරයා තීරණය කර තිබේ. බලවත් රාජ්‍යයකින් ලැබී ඇති මඟ පෙන්වීමට අනුව මේ වන විට එම යෝජනාව තෙවැනි පාර්ශවයක් මගින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කර ඇතැයි අදාළ තානාපති අංශ ආරංචි මාර්ග අනාවරණය කර ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිචාරය තවම ලැබී නැතත්, විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ඇතැම් විමර්ශන හේතු කොට ගෙන විපක්ෂ නායකවරයාට අකමැත්තෙන් හෝ එවැනි යෝජනාවකට එකඟ වීම හැර අන් විසඳුමක් නොපවතින බවයි. තම බිරිඳගේ කොණ්ඩ කැපීමේ සහ රූපලාවන්‍ය ආයතනයට නිවාස අධිකාරියේ සේවකයන් යොදා ගැනීම පිළිබඳ විමර්ශනයේත්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යොදවා ‘‘සිරිකොත“ කාර්යාලය අලුත් වැඩියා කිරීමට අදාළ විමර්ශනයත් මේ වන විට නිමා කර ඇත. අවශ්‍ය ඕනෑම විටක දී මෙම විමර්ශන පදනම් කරගෙන රජයට අලාභ කිරීම යන පදනමෙන් සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාව අත්අඩංගුවට ගැනීමේ හැකියාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම සතුව තිබේ.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරුගේ කාලය දිගු නොකර වෙන උප්පරවැට්ටියකට ලෑස්ති වේ !

වාර්තා වන පරිදි විපක්ෂ නායකවරයාට ඉදිරිපත්ව ඇති මෙම අදහස ගැන ඔහු තම බිරිඳ සහ මව සමඟ පමණක් අදහස් හුවමාරු කරගෙන තිබේ. සිය පක්ෂයේ කිසිවකු සමඟ ඔහු මෙතෙක් එම කරුණු ගැන කිසිවක් සාකච්ඡා කර නැත.

ජනාධිපතිවරයා මේ වනවිට තම ආණ්ඩුව තුළම හුදෙකලා වූ ඉරණමකට ලක්ව සිටී. බිමල් රත්නායක සභානායකවරයා ආණ්ඩුව සිදුකරන සෑම ව්‍යාපෘතියක්ම අරඹයා තීරණාත්මක සාධකය බවට පත් වී තිබේ. බොහෝ ඇමතිවරුන්ගේ මතය වී ඇත්තේ ‘‘බිමල් සමග කිසිවක් කළ නොහැකි“ බවයි. බිමල් ගේ මතය අභිබවා තීරණ ගැනීමට ද එවැනි අවස්ථාවන්හි දී ජනාධිපතිවරයා කටයුතු නොකිරීම ද පක්ෂය තුළ බිමල් සතු බලයේ ප්‍රමාණය පෙන්වනු ලබන්නකි.

මෙම තත්වය හා ඉදිරියේදී නියත වශයෙන්ම මුහුණ දීමට සිදුවන ඉතා බරපතළ සමාජ ආර්ථික අර්බුදය හමුවේ, සජිත් ප්‍රේමදාස සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම වඩාත් ආරක්ෂිතම පියවර බව ජනාධිපතිවරයාගේ මතය වී ඇත. එසේ නොවුනහොත් ඇතිවිය හැකි සමාජ විරෝධය තමන්ට සියල්ල අහිමි කරන ඉරණමකට ලක්වන අයුරින් කෙළවර විය හැකි යැයි ජනාධිපතිවරයා ගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජනපති නිසා ප්‍රමිෂ්කා සහ සැමියා අතර ගෝරි!

රාජපක්ෂලා හා ජාතිවාදීන් නැති ජාතික ආණ්ඩුවක් යන ස්වරූපයෙන් එය සමාජයට අලෙවි කර ගත හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාස කරයි.

මේ ගැන තවත් විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.

කෞශල්‍යා එරන්දති

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x