අමු මිරිස් කිලෝව රු. 1500 ඉක්මවයි
1 min read
මේ දිනවල තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් තොග මිල රුපියල් එක්දහස් දෙසීය ඉක්මවා ගොස් ඇතැයි එහි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති එල්.එස්.කේ. ලියනගේ පැවසීය.
මෙහිදී මිරිස් කරලක මිල රුපියල් පහළොව ආසන්නයට පැමිණ ඇතැයි ඔහු හෙළි කළේය. වියළි කාලගුණික තත්ත්වය සහ විවිධ පළිබෝධ හානි හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළ වෙත පැමිණෙන අස්වැන්න ඉතා අවමවීමෙන් මෙසේ මිරිස් මිල ඉහළ ගොස් ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
අනුරාධපුරයේ, නොච්චියාගම, කහටගස්දිගිලිය ආදි ප්‍රදේශවල හේන් ආශ්‍රිතව සිදුකරන මිරිස් වගාවන් සඳහා වියළි කාලගුණික තත්ත්වයෙන් දැඩි බලපෑමක් එල්ල කර ඇත.
මහවැලි එච් කලාපයේ ගල්නෑව, මීගලෑව, එප්පාවල ආදි ප්‍රදේශවල කුඹුරු ආශ්‍රිතව සුළු වශයෙන් සිදුකර ඇති මිරිස් වගාවන්හි අස්වැන්න ද සීමාසහිත වී තිබේ. ක්‍රමයෙන් ගොවීන් වැඩි පිරිසක් මිරිස් වගාවෙන් ඈත්වීමත් මෙසේ අසාමාන්‍ය ලෙස අමු මිරිස් මිල ඉහළ යෑමට හේතුවී ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
