නැගනහිර සරසවියේ දරුණු නවකවද ගැටුමක්.. | හය දෙනෙක් රෝහලට
1 min read
මඩකලපුව, එරාවුර් වන්දාරුමුල්ල ප්රදේශයේ පිහිටි නැඟෙනහිර විශ්වවිද්යාලයේ නවකවදය මුල්කරගනිමින් සිසු දෙපිරිසක් අතර ඇති වූ ප්රචණ්ඩ ගැටුමකින් සිසුන් හයදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.
තුවාල ලබා රෝහල්ගත කර ඇති සිසුන් අතරින් පස්දෙනෙකුම නවකවද විරෝධී මතධාරී කණ්ඩායමට අයත් අය වන අතර, අනෙක් සිසුවා නවකවදයට පක්ෂපාතී බව කියන පාර්ශ්වය නියෝජනය කරන අයෙකු බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.Read Daily News
වාර්තා වන අන්දමට, විශ්වවිද්යාල පරිශ්රයේ සංවිධානය කර තිබූ සංගීත ප්රසංගයක් අතරතුරදී නවකවද විරෝධී සිසුන් සහ නවකවදය වෙනුවෙන් පෙනී සිටින බව කියන කණ්ඩායම අතර මුලින්ම බහින්බස්වීමක් හටගෙන ඇත.
එම අවස්ථාවේදී එහි පැමිණි තවත් සිසුන් පිරිසක් මැදිහත් වී දෙපාර්ශ්වය අතර ඇතිවූ ආරවුල සමථයකට පත්කිරීමට පියවර ගෙන තිබිණි.
කෙසේ වෙතත්, සංගීත ප්රසංගය අවසන් වීමෙන් අනතුරුව අලුයම් කාලයේදී නවකවද විරෝධී සිසුන් පිරිස සිය නේවාසිකාගාරය බලා ගමන් කරමින් සිටියදී, නවකවද හිතවාදී පිරිසක් ඔවුන් සමඟ යළිත් ගැටුමක් නිර්මාණය කරගෙන තිබේ.
එහිදී දෙපිරිස අතර සිදුවූ දරුණු පහරදීම් හමුවේ මෙම සිසුන් හයදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරයි.
