සුළු පක්ෂ එකමුතුව පිටුපස ඉන්දියාව !
1 min read
විපක්ෂයේ දෙමළ සහ මුස්ලිම් ජාතික අනන්‍යතාව මත බිහි වූ දේශපාලන පක්‍ෂ රැසක්, සිය පොදු අරමුණු ඉටුකරගැනීම සඳහායැයි කියමින් පසුගිය දා එක්සත්ව ක්‍රියාකිරීමට එකඟතාව ඵළ කරන ලදී. උතුර හා නැගෙනහිර පලාත් පදනම්කරගත් දෙමළ දේශපාලන පක්ෂ, වතුකරය පදනම්කරගත් වතුදෙමළ දේශපාලන පක්ෂ හා මුස්ලිම් කොංග්‍රසය ද මේ සඳහා එක්වී තිබුණි.
මෙම පක්ෂ අතර ඇති වූ හදිසි එක්සත්භාවය පිළිබඳව සොයාබැලීමේදී අප වෙත අණාවරණය වූයේ එම “සමගිය” ගොඩනගාඇත්තේ කොළඹ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය විසින් බවය. එයට හේතු වී ඇත්තේ, මේ වන විට මෙම සුළු ජාතික පක්ෂ පසෙක ලා ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේම වූ සුළු ජාතික දේශපාලන පදනමක් නිර්මාණය කර ගනිමින් පැවතීමය.
මේ පිළිබඳව අදාළ සුළු ජාතික පක්ෂ වෙන වෙනම විටින් විට කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා සමඟ කරන ලද සාකච්ඡාවන් හි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ මෙම එක්සත්භාවයට අදාළ පක්ෂ රැගෙන ඒමය. එමඟින් ජාතිවාදී බලපෑම තීව්‍රකර ආණ්ඩුව මගින් තමන්ට අවශ්‍ය දේ දිනාගැනීම පහසුවනු ඇතැයි අදාළ පක්ෂ නායකයෝ විශ්වාස කරති.
මේ වන විට ජනාධිපති අනුර කුමාර පාලනය සහ ඉන්දියාව අතර පැවති යහපත් සම්බන්ධතාව ද ක්‍රමානුකූලව බිඳවැටෙමින් පවතින බව ද අපගේ ආරංචිමාර්ග අණාවරණය කර තිබේ.
- රවීන්ද්‍ර ගුණතිලක
