සුගීෂ්වරගේ පඩිය ගැන ගෝඨාගෙන් අද ප්‍රකාශයක්?
1 min read
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්ව සිටි සුගීෂ්වර බණ්ඩාර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ලෙස වැටුපක් ගන්නා අතර තුර, විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් ලෙස වැටුපක් ලබා ගැනීම පිළිබඳව අද (23) හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් පොලිසිය ප්‍රකාශයක් ගැනීමට නියමිතය.
එම ප්‍රකාශය ලබා ගැනීම සඳහා අදාළ පොලිස් පරීක්ෂකයන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙසෙන පෞද්ගලික නිවෙසට පැමිණෙන බවද දන්වා ඇත.
එම ප්‍රකාශය ලබා ගැනීමෙන් අනතුරුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ සමන් ඒකනායකගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් විමර්ශන කණ්ඩායමේ ආරංචි මාර්ග පෙන්වා දේ.
විජිත විජේසිංහ
