October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංගක්කාරට අයර්ලන්තයේදී කරදරයක් වෙලා.. ගුවන් සේවකයින් තර්ජනාත්මක ලෙස හැසිරිලා..

1 min read

අයර්ලන්තයේ ඩබ්ලින් (Dublin) ගුවන්තොටුපොළේදී රයන්එයාර් (Ryanair) ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලය (Gate personnel) තමන්ට සහ සිය පවුලේ සාමාජිකයින්ට වෙනස්කම් කරමින් තර්ජනාත්මක ලෙස හැසිරුණු බවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි.

තමන් මුහුණ දුන් මෙම කනගාටුදායක අත්දැකීම සම්බන්ධයෙන් සිය X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අදාළ නිලධාරීන් කතා කළ ආකාරය, ක්‍රියාපටිපාටිය වැරදි ලෙස භාවිත කිරීම සහ හැසිරුණු තර්ජනාත්මක ස්වරූපය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

කුමාර් සංගක්කාර තැබූ X සටහනේ මෙසේ සඳහන් වේ:

“ඩබ්ලින්හිදී Ryanair ගුවන් සේවයේ ද්වාර කාර්ය මණ්ඩලයෙන් මෙවැනි වෙනස්කම් කිරීමකට ලක්වූ වෙනත් අය සිටිනවාද? මම මගේ පවුලේ අය සමඟ ඊට මුහුණ දුන් අතර එය ඉතාමත් කම්පන සහගතයි. ඔවුන් කතා කළ ස්වරය, ක්‍රියාපටිපාටිය වැරදි ලෙස හැසිරවීම සහ තර්ජනාත්මක හැසිරීම කිසිදු මගියෙකුට අනුමත කළ නොහැකියි. ඩබ්ලින් හිදී මට මුහුණ පෑමට සිදු වූ පළමු නරක අත්දැකීම මෙයයි.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශාල පිරිසකගේ අවධානය සමාජ මාධ්‍ය තුළ යොමු වී ඇති අතර, ඕනෑම මගියෙකුට ගුවන්තොටුපොළ පරිශ්‍රයකදී ගෞරවාන්විතව සැලකීම අත්‍යවශ්‍ය බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ.

ජනප්‍රිය පුවත්  ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x