July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විපක්ෂය කියන කියන විදියට ඇමති හර්ෂණ ඉල්ලා අස්වෙන්න ඕනෙ නෑ. මමත් ආයෙ ඇමතිකමක් ගන්නවා – කුමාර ජයකොඩි

1 min read

තමන් බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජනාධිපති කොමිසමක් හරහා සිදුවන විමර්ශනයකට සහාය දීමට බවත් මීගමුව බන්ධනාගාරයේ සිද්ධිය ඊට වෙනස් එකක් බැවින් හර්ෂණ නානායක්කාර මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට අවශ්‍ය නැති බවත් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි.


ප්‍රශ්නය – ඔබතුමාට චෝදනාවක් ආවාම ඔබතුමා ඉල්ලා අස්වුණා. දැන් සිරකරුවන් මැරිලා, ජේලර්වරුන් මැරිලා ඉතිහාසයේ ලොකු කළු පැල්ලමක්. ඔබතුමාට තිබුණෙ ගල් අඟුරු චෝදනාවක් විතරයි. මේක දැන් මේ මරණ ගොඩක්. ඔබතුමා විතරද ඉල්ලා අස්වෙන්න ඕනෙ, දැන් අධිකරණ ඇමති තාම පුටුවේ ඉන්නවා ?


“මම ඉල්ලා අස්වීම වෙනම තීරණයක්. මොකද ඒක ජනාධිපති කොමිසමක් හරහා විමර්ශනයක් සිදුවෙමින් පවතින මොහොතක ඒකට අවශ්‍ය නිදහස් වටපිටාව හදන්න තමා මම ඉල්ලා අස්වුණේ. මම හිතන්නෙ මීගමුව හිරගෙදර ප්‍රශ්නය එහෙම එක් නෙවෙයි. අනිත් එක එහෙම ඉල්ලා අස්වෙලා … ඔය ඔය සුන්බුන් විපක්ෂය කියන දේවල්නෙ. ඉතින් අපි ඇත්තටම ආණ්ඩුවක් පිහිටුවලා තියෙන්නෙ ඒගොල්ලන්ගෙ කැමැත්ත අරන් නෙවෙයි. ඒගොල්ලො කියන දේවල් කරන්නත් නෙවෙයි ජනතාව අපිට ඡන්දය දුන්නෙත්. ඒගොල්ලො කරපු දේවල් නොකරන්න තමයි ජනතාව අපිට ඡන්දය දුන්නෙ. ඉතින් ඒක තමා අපි කරන්න ඕනෙ”

ජනප්‍රිය පුවත්  ලෝක වෙළෙඳපොළේ මිල වැඩිවුණත් මේ මාසෙ තෙල් මිල වැඩිවෙන්නේ නෑ! ඇමැතියි, සභාපතියි රටට දීපු සහතිකය!


ප්‍රශ්නය – ඔබතුමා නැවතත් ඇමතිකමක් භාරගන්නවාද ?


“අනිවාර්යයෙන්ම. වගකීමක් දෙනවා නම් අපි කොයිවෙලේත් භාරගන්නවා. කොයි වගකීමත් අපිට මේ ඇමතිකමද මන්ත්‍රීකමද ඊට පල්ලෙහා එකක්ද කියන එක අපිට අදාළ නෑ. මොකද අපි මේ දේශපාලන ව්‍යාපාරය ගොඩනැගුවේම ජනතාවට සේවය කරන්න. අපි මේ වරප්‍රසාද ලබන්නෙ නැති හින්දා පල්ලෙහාට පල්ලෙහාට යනකොට පුද්ගලයින් හැටියට අපිට පහසුයි. ඉහළට ඉහළට යනකොට පුද්ගලිකව ගත්තොත් අපහසුයි. ඒ වුණාට ඒ දෙකම අපි ඕනෙ විදියකට භාරගන්නවා. පක්ෂය, අපේ දේශපාලන ව්‍යාපාරය අපිට දෙයක් භාරදෙන වගකීමක් විදියට කරනවා. ඒ හැර ඕගොල්ලන්ටත් දැන් තියෙන්නෙ පරණ දේශපාලකයින්ගේ භාවිතාව ගැන මතකයක්නෙ, අපි එහෙම නෙවෙයි, අපි බොහොම වෙනස්”


කුමාර ජයකොඩි මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x