July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේදාසගේ පුතාට අමතරව රහස් පොලිසියේ සිටි ඇතැම් ලොක්කන් හරක් කටගෙන් කෝටි ගණන අරගෙන – මෙන්න ලැයිස්තුව පෝලිමේ එන හැටි

1 min read

    මෙරට ප්‍රධානතම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාගෙන් රුපියල් ලක්‍ෂ 5000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් ලක්‍ෂ 1200 ක් අත්තිකාරම් ලෙස ලබාගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වූ නීතිඥ රඛිත රාජපක්ෂ හා සමගි ජන බලවේගය හොරණ සංවිධායක චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් පිළිබඳව හරක් කටාගේ බිරිඳ විසින් අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇතත් පසුගිය ආණ්ඩුව සමයේ මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කර නොතිබුණ බව වර්තා වෙනවා.

    ඉකුත් 2023 වර්ෂයේදී හරක් කටා සහ කුඩු සලිඳු නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු පිරිසක් මැඩගස්තරයේදී අත්අඩංගුවට පත්වූහ. එහිදී හරක් කටා සහ කුඩු සලිඳු ශ්‍රී ලංකාවට රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හරක් කටා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.

    එහිදී රඛිත රාජපක්ෂ හරක් කටාගේ විනිමය කටයුතු වෙනුවෙන් පෙනී සිටි බව ආරංචි මාර්ග පැවැසීය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හරක් කටා රඳවා සිටියදී එහි සිටි උසස් නිලධාරීන් මෙන්ම පහළ නිලධාරීන් ද ඔහුගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල විය. එවකට රහස් පොලිසියේ සිටි ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන්ගේ අවමඟුල් සඳහා පවා හරක් කටාගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වී තිබුණ බව අද දිවයින වාර්තා කරනවා.

    ජනප්‍රිය පුවත්  ආණ්ඩුව ගෙනා ගල් අඟුරු නැව් තුනම බාලයි! කොහොමද පට්ට වැඩ්ඩන්ගේ වැඩ!

    රහස් පොලිසියේ රඳවා සිටියදී හරක් කටාට ඉන් පලායෑම සඳහා ගත් උත්සාහයට එහි නිලධාරීන් පිරිසක් සහාය වූ අතර ඒ වෙනුවෙන් ද රුපියල් කෝටි ගණනක මුදලක් ඔහුගෙන් ලබාගත් බව පසුව හෙළි විය.

    රහස් පොලිසියේ හරක් කටා රඳවා සිටියදී ඇතැම් නිලධාරීන්ට වටිනා ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ඇතුළු වටිනා දේ ලබාදීමට ද හරක් කටා කටයුතු කළ බව මේ වනවිට අනාවරණය වී ඇත.

    හරක් කටාගෙන් අල්ලස් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් කීපදෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

    මේ අතර නදුන් චින්තක නොහොත් හරක් කටාගේ බිරිඳ සහ රඛිත රාජපක්ෂ හා චරිත් අබේසිංහ අතර හුවමාරු වී ඇති බව කියන ගනුදෙනුවක දුරකථන සංවාදයක හඬ පටයක් ද ඊයේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබිණි. අල්ලස් කොමිසම වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

    Please follow and like us:
    Pin Share
    Subscribe
    Notify of
    guest
    0 Comments
    Oldest
    Newest Most Voted
    0
    Would love your thoughts, please comment.x
    ()
    x