July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රට අභ්‍යන්තරයෙන්ම බිඳ වැට්ටවීමේ අවදානමක් !

1 min read

මේක නීතිය නෙවෙයි. දේශපාලන ව්‍යාපෘතියක්.

තෝරාගත් මිනිස්සු පසුපස විතරක් හඹා යන රාජ්‍යයක්.

ඇතුළෙන්ම රට දුර්වල කරන ගමනක්.

මෙතන පේන pattern එක ඉතා පැහැදිලියි.

අද රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එකම මිනුමකින් නෙවෙයි.

බරපතළ චෝදනා තියෙන අය නිදැල්ලේ.

හැබැයි ආණ්ඩුව තර්ජනයක් කොට සළකන අය ඉක්මනින්ම ඉලක්ක වෙනවා.

මේක නීතිය නෙවෙයි. මේක තෝරා බේරාගෙන නීතිය ක්‍රියාවේ යෙදවීමක් (selective enforcement).

බිමල්ගේ ප්‍රකාශයත් මේ සැකය තවත් වැඩි කරනවා.

“පරීක්ෂණවලට සහය වෙන්න” කියන ගමන්, පවුල, දරුවෝ, බිරිඳ ගැන පීඩනයක් එල්ල කරනවා.

ඒක නීතිමය ක්‍රියාවලියක්ද? නැත්නම් මනෝවිද්‍යානුකූලව බියවැද්දවීමක් ද?

මම යළි යළිත් කියනවා මේක ව්‍යාපෘතියක්.

ත්‍රස්තවාදය පරාජය කරපු රටක්, දැන් ඇතුළෙන්ම දුර්වල කරලා, බෙදලා, අවිශ්වාසයෙන් පුරවලා, පාලනය කරන්න ලේසි ඉලක්කයක් බවට පත් කරමින් තියෙනවා කියන සැකය ඉතා බරපතළයි.

රූකඩ නැටුවට නූල මෙහෙයවන්නේ පිටත ඉඳන්.

මේකේ රටාව මෙන්න මෙහෙමයි:

  • මුලින් නීතිය තෝරා බේරාගෙන ක්‍රියාත්මක වෙනවා.
  • පස්සේ මාධ්‍ය ආඛ්‍යාණයක් (media narrative) ගොඩ නගනවා.

“රෑට කොටලා නිදාගන්න”, ලාල්කාන්ත ඩෝබින්ට කියනවා.

ජනප්‍රිය පුවත්  හඳුන්නෙත්තිගේ මියුසියස් දුව

ඉස්සරනම් කළේ නිදාගෙන ඉන්නකොට කොටලා යන එක.

  • පස්සේ බුද්ධි හා ආරක්ෂක ව්‍යුහ දේශපාලනිකරණය වෙනවා.
  • අන්තිමට ජනතාවට ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියලා වෙන් කරන්න බැරි වෙනවා.

සුඩානය වගේ රටවල් කඩා වැටුණේ එක රෑකින් නෙවෙයි. ඇතුළේ ආයතන (institutions) දුර්වල කරලා, ජනතාව බෙදලා, දේශපාලන පළි ගැනීම් සාමාන්‍යකරණය කරලා. අවසානයේ දකුණු සුඩානය සුඩානයෙන් වෙන් කෙරෙනවා. ප්‍රතිඵලය සුඩානය අද ලේ විලක්.

සලේව තියාගෙන ඉඳීම ඇතුළේ අපේ හෘද සාක්ෂිය අප තුළම බිඳ වට්ටනවා.

විපක්ෂයටත් මෙතැනින් ගැලවීමක් නෑ.

අද නිහඬව ඉන්න එක ආපහු හෙට තමන්ටම කැරකිලා එනවා.

දේශපාලන පළිගැනීම් සාමාන්‍යකරණය කරපු රටක කවුරුත් ආරක්ෂිත නෑ.

බාහිර සාධක කිසිවක් නොපෙන්නා රට අභ්‍යන්තරයෙන්ම අස්ථාවරත්වයක් නිර්මාණය කිරීම.
මේකේ අවසානය කුමක්ද කියන එක පැහැදිලියි.

  • විජය දිසානායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x