July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

භාණ්ඩාගාර වංචාවේ ඩොලර් ලක්ෂ 25 ගෙවන්න වෙන්නේ ජනතාවට…! – මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම…

1 min read

මහා භාණ්ඩාගාරය ඕස්ටේලියාවට ගෙවිය යුතු ණය මුදලින් කොටසක් පසුගිය නොවැම්බර් මස ව්‍යාජ ගිණුමකට ගෙවන අවස්ථාවේ එය අවස්ථා කිහිපයකම අසාර්ථක වී ඇති බව මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසයි.

මෙම සිදුවීම මහ බැංකු නිලධාරීන් මෙන්ම මහා භාණ්ඩාගර නිලධාරීන්ද දැන සිට ඇති බවත් ඒ අවස්ථාවේ අදාළ නිලධාරීන් එකතු වී ඒ පිළිබඳ විමර්ශනයක් කළේ නම් මෙම මුදලින් විශාල කොටසක් ආරක්ෂාකරගත හැකිව තිබූ බවද ඔහු අවධාරණය කරයි.

මෙම මුදල නැවත ඕස්ට්‍රේලියාවට ගෙවීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින අතර මෙම මුදල නැවත අත්පත්කරගත නොහැකි වුවහොත් අදාළ ණය ගෙවීමට රාජ්‍ය මුදල් භාවිත කිරීමට සිදුවන බවද ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ මුදල් කාරක සභාව එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x