බොරුවේ පොහොර හා වෛරයේ තවාන
1 min read
අනුර “බොරුව” කියන පොහොර දමා “වෛරය” කියන තවානේ හදපු මාලිමාවේ ඡන්ද පදනම ගැන තේරුම් ගන්න පුලුවන් වෙන සිද්ධියක් ( සාමාන්‍ය මිනිස්සු VS ඩෝබිලා)
—————————————————————-
අනුරට/ මාලිමාවට ගැම්මෙන් චන්දෙ දාලා ලොවක් දිනූවෙක් වගේ හිටපු මගේ උ.බු. මිත්‍රයෙක් ගැන ඔස්සේ තමයි මේ කතාව.
මීට මාස කීපයක සිට මේ ආණ්ඩුවට විරුද්ධව මම ලියන දේවල් වලට මැදට ඇවිත් ගැටෙන පුරුද්දක් මේ මිත්‍රයාට තිබුනා.
කිසි වෙලාවක තමන්ගේ දේශපාලන මතයක් ඉදිරිපත් කරලා විරුද්ධ මත සමග සාධනීය සංවාද නෑ. ප්‍රශ්නයක් අහන කොට මයින්ද ඔරා/ රනිල් ඔරා.. වගේ ඒවා කියවලා යනවා.
දවසක්, ඩිත්වා එහෙම එන්න කලින් මම දාපු පෝස්ට් එකකට පැනපු ඔහු මට කියා සිටියේ “අපි ජනාධිපති පත් කරලා තිබෙන්නේ 2029 වෙනකන්. එතකන් කට පියාගෙන ඔහෙට වෙලා හිටු”, කියලා (ඔහෙට කියලා කිව්වේ ඇමරිකාවට, එයාට මම ඇමරිකාවේ සිටින එක ගැන අකමැත්ත පෙන්වූවා, ඒ ඇයි දන්නේ නෑ).
එයට මා කියා සිටියේ මට අනුරට වඩා සීලරතන හිමි පවා ඉතා හොඳ බවත් ආණ්ඩුව ඔහුට හොඳ ඇයි කියා අඩුම කරුණු 3 කියන ලෙසත්, එවිට එයට මා ප්‍රතිචාර දක්වන බවත්ය.
තවත් එකක්…ඔහු අනුර, බිමල් වැන්නන්ගේ නිල ෆේස්බුක් ගිණුම් වල මුරකරු රස්සාවත් කලා. අපි යමක් කමෙන්ට් කලොත් ඩෝං ගා එන මොහු බොහෝ විට කේන්තියෙන් එයට ප්‍රතිචාර දැක්වූවා.
එවැන්නකට ප්‍රතිචාරයක් විදිහට අනුර මහින්දගේ හොරකම් ඇල්ලීම ගැන ඔහුට ඔට්ටුවක් ඇල්ලීමට ආරාධනා කල පසු එය මග ඇරි ඔහු නැවත ඉන් පසු මා සමග ගැටීමට ආවේ නෑ ( ඒ ඔට්ටුව අනුර ගාව තියන චීන අල්ලස් සම්බන්ධ චෙක් අංක ගැන 😁). ඔට්ටුව ඔහුට දිරවාගන්න අමාරු උනා මම හිතන්නේ.
පහුගිය මාස 2-3 මාලිමාවේ නියම වැඩ එලියට එනකොට සැඟවී ගොස සිටි ඔහු ගැන අහම්බෙන් දැක්කා මීට දවස් කීපයකට පෙර. ඒ අනුරගේ හොරකම් ගැන කියවෙන පෝස්ට් එකක. වෙනත් කෙනෙක් කියා තිබුන කමෙන්ට් එකකට ඔහු ප්‍රතිචාර දක්වලා තිබුනා..
ඒ සංවාදය වෙලා තිබුනේ මෙහෙම 👇(පොඩි SS එකක් pinned comment එකේ දාලා තිබෙනවා)
වෙනත් කෙනෙක් – මාලිමාව හොරකම් කරමින් අහුවන විට එය පරණ අයට සමග සංසන්දනය කරන එක පිලිකුල් සහගතයි.
අපේ මිත්‍රයා – එහෙමයි කියලා රාජපක්ෂලා හොරු නෙවෙයි කියලා කියන්න බෑ.. ඔවුන් හොරුම තමා..
ඔහු මේ කියා තිබෙන දේ දැක මට හිනාව නවතා ගත නොහැකි වුනා. 😂
එයට අනෙක් තැතැත්තා කියා තිබුනේ,
“අධිකරණයකින් වරදකරු වන තුරු එසේ හොරෙක් යැයි කිව නොහැකි බව ජයකොඩි සම්බන්ධව හරිනි කියා ඇති බවයි.
එයට ප්‍රතිචාර දක්වමින් අපගේ මිත්‍රයා කියා තිබුනේ..
“පොඩ්ඩක් ඉවසලා ඉන්න සිරිලිය එහෙම පෙරහැරේ එනකන්” යනුවෙනි.
එය දුටු විට මට අයියෝ සංසාරේ යනුවෙන් කියැවුනා 🫤
අනුර මහා දවල් හොරකම් කරන විට සිරිලියට හෝ රාජපක්ෂලා හිරේ යාවී යැයි අපමණ බලාපොරොත්තු තබාගෙන ඉන්නා අපගේ උ.බු පහල මධ්‍යම පාන්තික මාලිමා ඩෝබීන්ගේ තත්වය මේක තමා.
මොවුන් රටේ ප්‍රශ්න ගැන සාධනීයව බලනවා වෙනුවට එක් පවුලකට කෙලවෙනකන් බලාගෙන ඉන්නවා.
මොවුන්ට අනුව, ලංකාවේ මෙතුවක් කල් තිබු ප්‍රශ්න වලට හේතුව රාජපක්ෂලාගේ හොරකම්. නැත්නම් තාමත් 76 වසරක සාපේ විශ්වාස කරනවා.
සරල සංඛ්‍යා, දත්ත, සාධක කිසිවක් මොවුනට අදාල නොවේ. පක්ෂයකින් ඔබ්බට රටේ සම්ස්ථ යහපත වෙනුවෙන් හරිදේ හරි ලෙසත්, වැරදි දේ වැරදි ලෙසත් දකින්නට මොවුන්ට හැකියාවක් නෑ.
මොවුන්ගේ ජීවන ඉන්ධනය වෛරය/ ඉරිසියාව නිසා “සිරිලිය” හෝ පෙන්වා මොවුන් චූන් කරන්න පුලුවන්.
එසේ චූන් වී අනුරගේ බාල ගල් අඟුරු හොරකම නිසා/ ප්‍රිමියම් හොරකම් නිසා ඉතා වැඩි මිලට තෙල් ගසමින්, වැඩි විදුලි බිලක් ගෙවමින්, කරුවලේ ඉන්නට ලෑස්ති වෙමින්, රාජපක්ෂ හිරේ යන තෙක් ෆැන්ටසියක ඉන්නවා. ඔවුන්ට මතක නෑ මේ අනුර ගාව මහින්ද චීන්නුන්ගෙන් අල්ලස් ගත්ත චෙක් අංක තිබෙනවා කිව්වා කියලා. ඒම තියන එකක් පාවිච්චි කරලා පැය කීපයකින් මහින්ද ඇතුලට යවන්න පුලුවන් නේද කියලා මොවුන්ගේ මොළේට තේරෙන්නේ නෑ.
ඒ අතර අනුර ලොක්කා දොඹෙන් යන්නට Cleaning Sri Lanka කරනවා.
මේ අනුර සමග ඇති හනිමූන් එක ඉවර වූ පසුවත් මෙවැන්නන්ට අවුල ඇත්තේ පෙර පාලකයන් සමග විනා මාලිමාව සමග නොවේ.
මෙවැන්නන්ගේ සිතුවිලි තාමත් වැඩ කරන්නේ අනුර දාපු වෛරයේ පොහොර මත.
අනුරලා ගත් චන්ද ලක්ෂ 68 න් පළාත් පාලන චන්දෙන් ලක්ෂ 23 ක් අඩු වුනානේ.
දැන් තත්වය නම් මාලිමාවේ/ ජවිපේ නිත්‍ය කාඩරය/ NGO නඩය වල ලක්ෂ 4 (~3%) ට අමතරව බොහෝවිට අපේ මේ මිත්‍රයා වැනි අය ලක්ෂ 10 ක් පමණ ඉතිරි වෙලා ඉන්න පුලුවන්.
ලංකාවට තියන වසංගතය තමයි මෙන්න මේ චන්ද ලක්ෂ 14.
ලක්ෂ 68 න් ඉතිරි 54 ඉතා විශේෂිත අවස්ථාවක් නිසා, ඒ අවස්ථාවේ තිබුන අපේක්ෂාභංගත්වය නිසා අනුරගේ බොරුවට අහුවෙලා චන්දෙ දුන්න අය.
උත්සාහ කලොත් මේ අයට නැවත ප්‍රොපගැන්ඩා වලට අහු නොවී, වෛරය/ තරහ ආදියෙන් දේශපාලන තීරණ නොගෙන, දත්ත, සාධක, ඉතිහාස කරුණු, ලෝක තත්ව, අතීත භාවිතාව ආදී දේ ගැන සිතලා තීරණ ගැනීමට හුරු කරන්න පුලුවන්. එය දේශපාලන පක්ෂ වලට සීමා වෙන්න ඕනේ නෑ.
උදාහරණයකට අපි කවුරුහරි 2029 LTTE එකෙන් එන කෙනෙක් රස පොරොන්දු ගොඩාක් දීලා, අනුර කලා වගේ බොරු ගොඩාක් කීවත්, LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදී වැඩ නිසා එයාලට චන්දෙ දෙන්නේ නෑනේ. ජවිපෙත් ඒ වගේම තමයි කියලා මතුපිටින් එකපාරට පෙනුනේ නැතත් හරියටම දත්ත, සාධක, ඉතිහාසය හොඳින් බැලුවොත් එයාලටත් අර LTTE වගේම තමයි. නමුත් උන දේ උනා. අපේ මිනිස්සු ඔවුන්ට අහු වුනා. මේ වුනු නස්පැත්තිය දීර්ඝකාලීනව ලංකාවට හොඳයි.
ඒ ජවිපේ, මාලිමාව, අනුරලා ටිල්වින්ලා කියන්නේ කවුද කියලා මිනිස්සු දැන ගන්නවා. එයාලා මිනිස්සුන්ට පෙන්වපු ලෝකේ සහ ඔවුන් ඉන්න ලෝකේ අතර වෙනස ඔවුන් ඉතා හොඳින් වටහා ගනීවි. ජවිපෙ රටේ විනාශයට දායක වුනු හැටි තේරුම් ගනීවි.
එය රටක් හැටියට හොඳ දෙයක්. නමුත් අර වසංගත ලක්ෂ 14 ට ඕවා අදාල නෑ.
ඒ වසංගත ලක්ෂ 14 පැත්තට දාලා ලක්ෂ 54 එක්ක හොඳ දේශපාලන සංස්කෘතියක් හදන්න ඕනේ.
රටක් විදිහට නැගිටින්නට ඒක කරන්නම වෙනවා.
✍️Sarathi Ratnayake
