July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාධා නොතකා විනිසුරුවෝ රැස් වෙති ! දේවගැතිගේ යෝජනාව ඒකමතිකව පරාජය කෙරේ ! විනිසුරන්ට රංගගෙන් මරණ තර්ජණ

1 min read

දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ විශ්‍රාමයාමේ වයස වැඩි කරනවාට එරෙහිව විශාල බියගැන්වීම් හා බාධා රැසක් මැද දිවයින පුරා විසිරී සිටින විනිසුරුවෝ 100 කට අධික ප්‍රමාණයක් මේ වන විට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට රැස්ව ඇතැයි අපගේ ආරංචිමාර්ග අණාවරණය කරයි.

එමෙන්ම එහි දී අගවිනිසුරු දේවගැති පිස්සු සූරසේනගේ විශ්‍රාම යන වයස දීර්ග කිරීමේ යෝජනාව ඒකමතිකව පරාජය වී තිබේ.

එම සංගමයට අදාල රැස්වීම තැබීමට ස්ථානයක් පවා ලබා නොදෙන පහත් තත්වයකට ජනාධිපති අනුර කුමාරගේ දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, එම සංගමයේ හිටපු සභාපති පසන් අමරසේන විනිසුරුවරයා ඇතුළු තවත් විනිසුරුවරුන් 4 ක් යොදාගෙන උත්සාහ කළ අතර, කනිෂ්ඨ විනිසුරුවරුන් බියගැන්වීමේ අශිෂ්ඨ මෙහෙයුමකද නිරත විය.

උසස්වීම් හා විදේශ පුහුණු අවස්ථා ලබාගැනීමට නම්, මෙම මහා සභාවට නොයා සිටිය යුතුය යනුවෙන්, පසන් අමරසේන, ඔගස්ට්‍රා පෙරේරා, රශාන්ත ගොඩවෙල, ප්‍රසන්න අල්විස් සහ රශ්මි සිංගප්පුලි යන විනිසුරුවෝ දේවගැතිවරයාගේ දීන හිතවතුන් ලෙස තර්ජනය කළහ. අතිශය පිළිකුල්කටයුතු බියගැන්වීම් රැසක් මැද, දේවගැති, අගවිනිසුරු ප්‍රීති පද්මන්ගේ උමතුවට යට නොවෙමින් මෙපමණ සාමාජික සංඛ්‍යාවක් මහා සභාවට රැස්වීම ඉතා වැදගත් බව අප ඇමතූ විනිසුරුවරයෙක් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ජනපති - බැසිල් සාකච්ඡා!

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ සභාපති රංග දිසානායක විනිසුරුවරුනට මරණ තර්ජන එල්ල කිරීමටද පටන්ගෙන තිබේ. ඔහු තර්ජනාත්මකව පවසාඇත්තේ අගවිනිසුරුට එරෙහිව යන විනිසුරුවන් ගැන සඳහන් කරමින් “…ඔය බල්ලන්ට වෙන දේ ලඟදීම බලාගන්න පුළුවන්” යනුවෙනි. තර්ජනාත්මක Whatsapp පණිවිඩයක් යොමු කරමින්, “ඕකුන්ට වෙන්නෙත් රංග රාජපක්ෂට වෙච්ච දේ” බවත්, “එකෙකුට ගැහුවම අනිත් වුන් හීලෑ වන” බවත් එම පණිවිඩය තුළ ඔහු සඳහන් කර තිබේ. මෙහි එකෙකු යන්නෙන් අදහස් කරන්නේ විනිසුරු ඉසුරු නෙත්තිකුමාර බව බොහෝ විනිසුරුවන්ගේ මතය වී තිබේ. ඒ අනුව විනිසුරු ඉසුරු නෙත්තිකුමාරගේ ජීවිතය ඇත්තේ අවධානමකට මුහුණ පා බව එම විනිසුරුවෝ පවසති.

පසුගිය ජනාධිපතිවරණයේ දී හා මහමැතිවරණයේ දී අනුර කුමාරගේ හා මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් නිහඬව සහාය දැක්වූ විනිසුරන් බොහෝමයක් මේ අතර වෙතැයි පැවසේ. විනිසුරු ඉසුරු නෙත්තිකුමාර ඊට එක් නිදසුනක් පමණී.

  • දීපා මුදලිගේ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x