බන්ධනාගාරයට කෝල් ගන්න අපහසු වුණා. ෆයරින් ඕඩර්ස් ගැන මට අවබෝධයක් නෑ, ගෙදර ගිහින් පොත බලන්න ඕනෙ – ඇමති හර්ෂණ
1 min read
බන්ධනාගාරය තුළ ඇතිවන සිද්ධියකදී වෙඩිතැබීමේ නියෝග ලබාදිය යුත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අවබෝධයක් තමන්ට නොමැති බවත් එය ඇමතිවරයා විසින් සිදුකළයුතු එකක් නොවන බව පමණක් තමන් දන්නා බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
ප්‍රශ්නය – ඔබ නීතීඥයකු විදියට මේ ගැන යම් අවබෝධයක් ඇති කියලා හිතනවා. දැන් සේනාධිනායක විදියට ජනාධිපතිතුමාට තියෙනවා ත්‍රිවිධ හමුදාවට අණදීමේ බලය. දැන් මෙවැනි ක්‍රියාවලියක ෆයරින් ඕඩර්ස් – වෙඩිතැබීමේ නියෝග නිකුත් කිරීමේ බලය කා සතුවද තියෙන්නෙ ? ඇමතිවරයා විදියට ඔබටද තියෙන්නෙ, කොමසාරිස් ජනරාල්ටද ? මොකද අපි දැක්කා පාර්ලිමේන්තුවේ අහනවා ඔබතුමා ෆෝන් එකටවත් ආන්සර් කරන්නෙ නෑ වගේ කතාවක් මේ සම්බන්ධ තීරණාත්මක තැනක මොකක් හරි ඕඩර් එකක් ගන්නද උත්සාහ කළේ කියන සැකය මතුකරලා. ඕඩර් එක දෙන්න ඕනෙ කවුද ?
“මට නම් එහෙම ඕඩර් දෙන්න නීතියෙන් කිසිම බලයකුත් නෑ. ඒක නම් අදාළ වෙන්නෙ නෑ. ටෙලිෆෝන් කෝල් ගන්න ඉතින් දවසට 400ක් විතර එනකොට ගන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා, බැරි ප්‍රමාණයකුත් තියෙනවා. නමුත් ඒ වෙලාවේ අවශ්‍ය සම්බන්ධකම් හදාගත්තා, මට ප්‍රිස්න් එක කන්ටෑක්ට් කරගන්න අපහසුතාවයන් ටිකක් තිබුණා. ෆයරින් ඕඩර්ස් පිළිබඳව අවංකවම මට අවබෝධයක් නෑ. මම දන්නෙ එක දෙයයි, ඕනෙ ප්‍රිස්න් ඔෆිසර් කෙනෙක්ට තත්වය පාලනය කරන්න වෙඩිතැබීමේ බලයක් තියෙනවා. ඒ වගේම මම දන්නවා හමුදාව තුළ, පොලීසිය තුළ නම් ෆයරින් ඕඩර්ස්, කමාන්ඩින් චේන් සිස්ටම් එකක් තියෙනවා. මේ තුළ එහෙම එකක් … – ඔබතුමා තමයි මට ඉස්සෙල්ලාම ඔය ප්‍රශ්නය යොමු කළේ, දැන් ගෙදර ගිහිල්ලා මම ඒක කියවලා බලන්න ඕනෙ, එහෙම ෆයරින් ඕඩර්ස් දෙන්න ඕනෙද කියලා – මම දන්න තරමින් මට ඒකට උත්තරයක් දෙන්න බැහැ. එකම දේ ඇමතිවරයා නියෝග දෙන්න ඕනෙ නැහැ කියන එක විතරක් මම දන්නවා”
හර්ෂණ නානායක්කාර අමාත්යවරයා මේ බව පැවසුවේ ජාතික රූපවාහිනී නාලිකාවේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.
