July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බදුල්ල විනිසුරුට ජනපතිගෙන් වැඩක් ?

1 min read

බදුල්ල අපරාධ මහාධිකරණ විනිසුරුට දැනට දින 5 කට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාර්ශවයෙන් දැනුම්දීමක් ලැබී ඇත්තේ, ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙසය. ඒ අනුව, පණිවිඩය ලැබූ දිනට පසුදින පස්වරුවේ අදාළ විනිසුරුවරයා හා ජනාධිපතිවරයා මුණගැසී ඇත.

අධිකරණමය කටයුතු හා තවත් තොරතුරු පිළිබඳ කතාබහ කරමින් සිට, ජනාධිපතිවරයා විනිසුරුවරයාගේ අවදානයට ලක්කර ඇත්තේ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (ස.ජ.බ.) චමින්ද විජේසිරි සම්බන්ධ නඩු විභාගය පිළිබඳවය.

මාර්ග අනතුරකින් පසු ඇති වූ බහින්බස් වීමක් පිළිබඳ එම නඩු විභාගය අවසන් අදියරට පැමිණ ඇති බවත් ලබන 25 දින එහි තීන්දුව ලබාදීමට නියමිත බවත් විනිසුරුවරයා විසින් ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත. සියල්ල අසා සිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ චමින්ද විජේසිරි ඕනවට වඩා වැඩි බවය. දෙන්න තියන ඉහළම දඬුවම දිය යුතු බවය. උසස්වීම් පිළිබඳ ඉඟි බිඟිද ඒ අතරම ලබා දී ඇත.

මේ පිළිබඳව ඊයේ (23) ඩී.වී. චානක මන්ත්‍රීවරයා සහ නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ද සභාව හමුවේ කරුණු කියා පෑහ.

හෙට (25) බදුල්ල මහාධිකරණයේ අදාළ නඩු තීන්දුව අනුව, ජනාධිපතිගේ මෙම මැදිහත්වීම සාර්ථකද නැද්ද යන්න සනාථ කරගත හැකිය.

  • කපිල ජයරත්න –
ජනප්‍රිය පුවත්  ආණ්ඩුව පිපිරෙන්න ඔන්න ! මෙන්න !

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x