May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුනර්ජනනීය බලශක්තිය සඳහා රුපියල් බිලියන 10ක මුදලක් ගෙවීම ප්‍රමාද කරලා

1 min read

බාල ගල්අඟුරු භාවිතය සහ ඩීසල් මගින් විදුලි උත්පාදනය සඳහා වැඩි ප්‍රමුඛතාවය ලබාදීම හේතුවෙන්, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදකයන්ට සිදු කළ යුතු ගෙවීම් මාස ගණනාවක් තිස්සේ ප්‍රමාද වීම නිසා රට තුළ බලශක්ති සැපයුම් හිඟයක් ඇතිවීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.

පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයන්ගේ සම්මේලනයේ උප සභාපති ප්‍රභාත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, 2025 දෙසැම්බර් සිට 2026 අප්‍රේල් දක්වා කාලය තුළ ජාතික පද්ධතියට සපයන ලද පුනර්ජනනීය බලශක්තිය සඳහා රුපියල් බිලියන 10කට වැඩි මුදලක් ගෙවීම ජාතික පද්ධති ක්‍රියාකරු (පුද්ගලික) සමාගම විසින් පැහැර හැර ඇති බවයි.

ඔහු පෙන්වා දුන්නේ, දෛනිකව මෙගාවොට් 150ක් පමණ විදුලි හිඟයක් පවතින අතර එය පියවා ගැනීමට ඩීසල් සහ දැවි තෙල් භාවිතය වැඩි කිරීම නිසා, ඉන්ධන පිරිවැය ඉහළ යාමත් සමඟ පුනර්ජනනීය බලශක්ති ගෙවීම් ප්‍රමාද වී ඇති බවයි.

මැද පෙරදිග පවතින යුද තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ තාප විදුලි උත්පාදන පිරිවැය ඒකකයකට රුපියල් 10කට ආසන්න අගයකට ළඟා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  ස.තො.ස. 100 ක් වැසේ ! ධම්මිකගේ 100 ක් ඇරේ !

බලාගාර 389ක් බලපෑමට ලක්වෙයි,

වහල මත සවි කරන සූර්ය පැනල හැර, දිවයින පුරා ස්ථාපිත පොළොව මත සූර්ය බලාගාර, කුඩා ජල විදුලි බලාගාර, සුළං සහ ජීව ස්කන්ධ බලාගාර ඇතුළු බලාගාර 389ක් මෙම තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවද ඔහු පැවසීය. එමඟින් උත්පාදිත ධාරිතාව මෙගාවොට් 1073.9ක් පමණ වේ.

මෙම ගෙවීම් ප්‍රමාදය හේතුවෙන් බලාගාර හිමියන්ගේ බැංකු ණය ගෙවීම් අවදානම, ආයෝජක විශ්වාසය බිඳවැටීම, පුනර්ජනනීය බලශක්ති අංශය අඩපණ වීම, දිගුකාලීන බලශක්ති හිඟ අවදානම, ඇතුළු ගැටලු මතුවිය හැකි බවද ප්‍රභාත් වික්‍රමසිංහ මහතා අනතුරු ඇඟවීය.

මේ අතර ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමේ සභාපති ආචාර්ය බී.එල්. ප්‍රදීප් ප්‍රියදර්ශන පෙරේරා මහතා සඳහන් කළේ ගෙවීම් ප්‍රමාදයක් පවතින බවත්, එම ගැටලුව විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර කඩිනම් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x