October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැලවත්ත කාර්යාලයට තර්ජනයක් කියා කස්සප හිමිට එරෙහිව පොලිසියට පැමිණිල්ලක්..

1 min read

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල පැවති භික්ෂු විරෝධතාවක් අතරතුර පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයෙකු පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට සම්බන්ධ බව පවසමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පැමිණිල්ල මගින් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර ඇත්තේ, අදාළ සැකකරු සහ තම පක්ෂයේ පැලවත්ත ප්‍රධාන කාර්යාලය අතර කිසිදු ආකාරයක සබඳතාවක් නොමැති බවයි.

බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකර ඇත්තේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය හා පදනම් විරහිත ප්‍රකාශයක් බවත්, එය රට තුළ මහජන නොසන්සුන්තාවයක් සහ කැළඹීමක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එම පැමිණිල්ලේ දැක්වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද නිරන්තරයෙන් පැලවත්ත පක්ෂ මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙන බැවින්, මෙවැනි අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් පක්ෂ මූලස්ථානයේ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් එල්ල වීමේ අවදානමක් පවතින බව ද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දී ඇත.

මෙම අසත්‍ය චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින ජනතා විමුක්ති පෙරමුණ, ඊට අදාළ වීඩියෝ දර්ශන සහ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ සටහන් ද සාක්ෂි වශයෙන් පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x