July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේත් යළි බන්ධනාගාරයක් පිහිටුවීමට අතිවිශේෂ ගැසට්ටුවක්

1 min read

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ යළි බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. “පැරණි බෝගම්බර බන්ධනාගාරය” වශයෙන් නම් කර ඇති මෙම බන්ධනාගාරයෙහි බල ප්‍රදේශය වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි එම ගැසට් නිවේදනයෙන් නියම කර ඇත.
මහනුවර නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංචාරක කර්මාන්තය සඳහා යොදාගැනීමටයි මීටපෙර යෝජනා වී තිබුණේ.
මේ අතර වසාදැමුණු ගාල්ල, මහමෝදර රොහලේ කොටසක ද බන්ධනාගාරයක් පිහිටුවීම සඳහා මෙවැනිම ගැසට් නිවේදනයක් අමාත්‍යවරයා විසින් පෙරේදා (07) දිනයේදී නිකුත් කර තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x