June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිර්ප‍්‍රභූවාදීන් සැමරිය යුතුම ජයග‍්‍රහණයක්!

1 min read

හෙට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ලෙස දමින්ද රඹුක්වැල්ල පත් කෙරෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර ඉතාම සුදුසුකම් අවශ්‍ය තනතුරක්.
ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ අත්දැකීම්, ජාත්‍යන්තර නීතිය, සිවිල් ගුවන් සේවා කටයුතු, තාක්ෂණය, මේ සියල්ල දැන සිටිය යුතු තනතුරක්.


එමෙන්ම දිගු සේවා කාලයක් සහ අත්දැකීම් අවශ්‍ය තනතුරක්. නමුත් සුපුරුදු පරිදි මාලිමා රජය මේ සුදුසුකම් අවශ්‍ය, ජාතික මට්ටමේ තනතුරත් දේශපාලනීකරණය කරලා. දමින්ද රඹුක්වැල්ල මෑතක දී පැලවත්තට සෙට් වූ පොරක්. ඔහු සම්පත් තුයියකොන්තාගේ මිත‍්‍රයෙක්. ඔහු පැලවත්තට සෙට් වෙන්නේ තුයියකොන්තා හරහා. ඔහුට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අත්දැකීම් නැහැ. ඔහුගේ සේවා කාලය වසර තුනයි. අධ්‍යක්ෂ ජෙනරාල් වීමට ඔහුගේ සුදුසුකම් කිසිසේත්ම ප‍්‍රමාණවත් නැහැ.
නමුත් පැලවත්තට සෙට් වීමත්, ජවිපෙ වෘත්තීය සමිති චූන් කිරීමත් නිසා සුදුස්සන් දෙදෙනෙකු ඉවත් කරමින් දමින්දට හෙට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හිමිවෙනවා.


බිමල් රත්නායක විසින් මුලසුන හෙබවූ සම්මුඛ පරීක්ෂණයට තිදෙනෙක් සහභාගී වුණා. ඒ රෙහාන් වන්නිඅප්පා සහ ප‍්‍රිමාල් ඩි සිල්වා. ඒ තිදෙනා අතරින් සුදුසුකම් අඩුම පුද්ගලයා දමින්ද.
ඉතිරි දෙදෙනාටම දශක දෙකකට වැඩි අත්දැකීම් සහ ජාත්‍යන්තරය සමග ගණුදෙනු කළ අතීතයක් තිබුණා. කොටින්ම වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කළේ පවා රෙහාන්.

ජනප්‍රිය පුවත්  ඇමෙරිකානු අධිරාජ්‍ය ගොඩනැගූ ‘‘පෙට්‍රෝ ඩොලර්“ එකේ අන්තිම කාලයද මේ!


නමුත් අවසානයේ තනතුර හිමිවන්නේ දමින්දට. එසේ නම්, මෙතෙක් කාලයක් සුදුසුකම් සහ කුසලතා වලට පමණක් හිමි වූ තනතුරක්, ක්ලාර්ක් සහ ඩ‍්‍රයිවර් ලා සමග ගල් බෝතල් හිස් කරන, ටිල්වින් දුටුවිට පුටුවෙන් නැගිට, බෙල්ල පහත් කරන ‘නිර්ප‍්‍රභූ‘ වරයෙකුට හිමි වෙනවා.
මම හිතන්නේ මෙයත් නිර්ප‍්‍රභූවාදීන් සැමරිය යුතුම ජයග‍්‍රහණයක්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x