July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිදහසට වසර 250ක් පිරෙන ඇමරිකාව දැඩි අර්බුදයක.. 70%ක් රට ගැන කලකිරෙයි..

1 min read

මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 250ක් පිරීම නිමිත්තෙන් ඇමරිකාව පුරා උත්සව පැවැත්වුණත්, එරට ජනතාව සිටින්නේ දැඩි කනස්සල්ලෙන් බව Reuters පුවත් සේවය කළ නවතම සමීක්ෂණයකින් හෙළි වේ.

මෙම සමීක්ෂණයට අනුව ඇමරිකානුවන්ගෙන් සියයට 70ක්ම තමන්ගේ රට ලෝකයේ ශ්‍රේෂ්ඨතම රට ලෙස තවදුරටත් පිළිගන්නේ නැත. එමෙන්ම සියයට 64ක් එරට ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියා විශ්වාස කරන අතර, සියයට 38ක් සිතන්නේ ඉදිරි වසර 250 තුළ ඇමරිකාව තනි රටක් ලෙස නොපවතිනු ඇති බවය.

මීට ප්‍රධානතම හේතුව වී ඇත්තේ එරට පැවති “ඇමරිකානු සිහිනය” හෙවත් මහන්සි වී වැඩ කළොත් දියුණු විය හැකිය යන විශ්වාසය වත්මන් තරුණ පරම්පරාව තුළින් ගිලිහී යාමයි. අධික ශිෂ්‍ය ණය බර, නිවාස මිල අධික ලෙස ඉහළ යෑම සහ රැකියා ප්‍රශ්න නිසා අද වන විට තරුණයන් දැඩි ආර්ථික පීඩනයකට ලක්ව තිබේ.

දේශපාලන විචාරකයන් පවසන්නේ ඇමරිකාව මුහුණ දී සිටින මෙම අභ්‍යන්තර අර්බුදය, බිඳ වැටීමට පෙර සෝවියට් සංගමය තුළ පැවති දෘෂ්ටිවාදාත්මක බිඳවැටීමට බෙහෙවින් සමාන බවයි.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිය පහළ සබැඳියෙන්..

ජනප්‍රිය පුවත්  ඩොලර් මිලියන 808 ක හිඟය ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x