October 27, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තඹුත්තේගම රොඩී කුප්පායම්වල සැඟව ගිය “කුරු මිනිසුන්ගේ” ජානමය ඉතිහාසය..

1 min read

අපේ රටේ ඉතිහාසය දෙස බලන විට වංශකතාවල ලියවුණු රජුන්ගේ තොරතුරුවලට එහා ගිය, සමාජ මාධ්‍යයේ හෝ පාසල් පොත්වල කතා නොකරන අඳුරු මානව විද්‍යාත්මක පරිච්ඡේද රාශියක් පවතිනවා…
අද මම කතා කරන්නේ මාතලේ දේවහූවෙන් ඇරඹී තඹුත්තේගම දක්වා ඇදුණු ඓතිහාසික රොඩී සංක්‍රමණයක් ගැන..
එනම්.., ලංකාවේ රොඩී (ගාඩි) ප්‍රජාව මුහුණ දුන් මනෝවිද්‍යාත්මක මෙන්ම ජාන විද්‍යාත්මක ඛේදවාචකයක් පිළිබඳව..
1960 දශකයේ මුල් භාගයේදී දී ලංකාවේ සිදුවූ එක්තරා සුවිශේෂී මානව විද්‍යාත්මක සිදුවීමක් මෙම කතාවට පදනම වෙනවා..
මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල පිහිටි “දේවහූව” යනු පුරාණයේ සිටම පැවති, බහුතරයක් ගොවි කුලයේ ජනයා ජීවත් වූ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ගම්මානයකි. (පසුව 1949 දී ඩී.එස්. සේනානායක මහතා විසින් මෙය දේවහූව ජනපද ව්‍යාපාරය ලෙස සංවර්ධනය කරන ලදී).
මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වූ රොඩී ජනතාවට සහ සාමාන්‍ය ගැමියන්ට වෙන වෙනම ජල තොටුපළවල් වෙන්ව තිබුණා…
කෙසේ වෙතත්, 1960 දශකයේ එක්තරා දිනක පොදු තොටුපළක් හෝ ළිඳක් පරිහරණය කිරීම මුල් කරගෙන රොඩී ජනතාව සහ ඉහළ කුලවල පිරිස් අතර දරුණු කුල ගැටුමක් සහ ආරවුලක් හටගන්නවා..
මෙම ගැටුම උච්චතම අවස්ථාවට පත්වීමත් සමඟ අසරණ වූ රොඩී ජනකොටසෙහි ආරක්ෂාව වෙනුවෙන් එවකට පැවති රජය මැදිහත් වෙනවා..
ඒ අනුව, දේවහූව ප්‍රදේශයේ සිටි රොඩී ජනතාවගෙන් කොටසක් එවකට ඉතා හුදෙකලා, ශුන්‍ය ගොවි ගම්මානයක්ව පැවති අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම සහ මහව ආශ්‍රිත රජයේ රක්ෂිත බිම් කරා සංක්‍රමණය කරවා එහි නැවත පදිංචි කරවනවා.
මෙහිදී රජය මැදිහත් වී ඔවුන් පදිංචි කරවූයේ තඹුත්තේගම දුම්රිය මාර්ගය (රේල් පාර) දෙපස පිහිටි රක්ෂිත කලාපවලය.
මෙලෙස රේල් පාර දෙපස ක්‍රමයෙන් නව රොඩී ගම්මාන සහ කුප්පායම් බිහිවූ අතර, දුම්රියෙන් පැමිණෙන මගීන් සහ උතුරු දුම්රිය මාර්ගය ආශ්‍රිතව ජනතාව ගැවසීම ඔවුන්ගේ ජීවනෝපායන්වලටද පහසුවක් උනා..
( පසුව 1970/80 මහවැලි H කලාපය ව්‍යාපෘතිය යටතේ මහවැලි ගොවීන් පදිංචි කළ නගරයක් බවට තඹුත්තේගම පත් විය).
රොඩී යනු ශ්‍රී ලංකාවේ සාමිප්‍රදායික කුලයක් ද…?
නැත…
බොහෝ දෙනෙකුට ඇති ගැටලුවක් වන්නේ රොඩී ජනතාව මිහිඳු හිමියන් සමඟ ලංකාවට පැමිණි කුලයක්ද යන්නයි.
වංශකතාවලට අනුව මහින්දාගමනය සහ සංඝමිත්තා තෙරණිය සමඟ ශ්‍රී මහා බෝධිය වැඩමවීමේදී ලංකාවට ශිල්පීය කුල 18ක් පැමිණි නමුත්, රොඩී කුලය ඒ අතර නොවීය.
රොඩී වංශයේ සම්භවය පිළිබඳ වඩාත්ම පිළිගත් ජනප්‍රවාදය වන්නේ මහා පැරකුම්බා රජු සමයේ සිදු වූ පුවතකි.
රජ මාලිගයට මුව මස් වෙනුවට “මිනී මස්” සැපයීමේ මහා අපරාධයට රජුගේ දියණිය වූ රත්නවල්ලි කුමරිය හවුල් වී ඇති බව හෙළි වෙනවා..
මෙයට දඬුවමක් ලෙස කුමරියගේ රාජකීය ලේ උරුමය අහෝසි කර, ඇයව මාලිගාවෙන් නෙරපා, “රොඩ්ඩා” නම් කුලහීනයෙකුට පාවා දී සමාජයෙන් සදහටම කොන් කරනවා..
රොඩී වංශය බිහිවන්නේ එලෙස පැනවුණු දරුණු සමාජයීය දඬුවමක ප්‍රතිඵලයක් වශයෙනි.
ලේ ඥාති විවාහ නිසා ජාන විකෘතිතා කුරු මිනිසුන් බිහිවීම රොඩීන් මුහුණ දුන් විශාලතම සමාජ ඛේදවාචකයයි.
නූතන සමාජ මුසු වීමට පෙර මුළු ලංකාවෙන්ම ඔවුන්ව කොන් කර සිටි නිසා, රොඩී තරුණ තරුණියන්ට විවාහ වීමට සිදු වූයේ තමන්ගේම කුඩා කුප්පායම ඇතුළත සිටින සහෝදර සහෝදරියන් හෝ සමීපතම ලේ ඥාතීන් සමඟ පමණි (Consanguineous marriage).
පරම්පරා ගණනාවක් තිස්සේ එකම පවුලක් ඇතුළත සිදුවන මෙම ලේ ඥාති විවාහ නිසා ජාන විකෘතිතා (Genetic mutations) සහ නිලීන ජාන (Recessive genes) මතු වීම අතිශය ඉහළ ගියේය.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් රොඩී කුප්පායම්වල සාමාන්‍ය සමාජයට වඩා මිටි හෝ කුරු මිනිසුන් (Dwarfism/Achondroplasia) සහ විවිධ උත්පත්ති ආබාධ සහිත දරුවන් බිහිවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගත්තේය.
සියවස් ගණනාවක් පුරා රොඩී ජනතාව මුහුණ දුන් අමානුෂික කොන්කිරීම්, ඔවුන්ගේ මනෝභාවයන් කෙරෙහි දරුණු ලෙස බලපෑවේය.
මනෝවිද්‍යාත්මකව බලන කල, මිනිසෙකු සමාජයෙන් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප වන විට සහ මූලික මානව අයිතිවාසිකම් පවා අහිමි වන විට, ඔවුන් තුළ දැඩි පීඩිතෝන්මාදයක් (Paranoia) සහ සමස්ත ව්‍යුහය කෙරෙහිම සමාජ වෛරයක් (Social Hostility) නිර්මාණය වේ.
උපතින්ම ලේබල් කර සමාජයේ පහළම අඩියට ඇද දැමීම නිසා ඔවුන් තුළ ඉහළ කුලවල සහ ධනවත් පන්තිවල පිරිස් කෙරෙහි දරුණු පන්ති වෛරයක් (Class Hatred) මුල් බැස ගත්තේය.
මෙම මානසිකත්වය නිසා ඇතැම් අවස්ථාවලදී ඔවුන් සාමාන්‍ය සමාජයෙන් පළිගැනීමේ හෝ පොදු නීතියට පිටුපෑමේ ප්‍රවණතාවක් පෙන්වීය.
අදටත් ඔවුනගේ ශරීර භාෂාව ( Body Language) තුළ මෙම වෛරය සහ පලිගැනීම විද්‍යාමාන වෙනවා..
එමෙන්ම, ඔවුන් තමන්ටම වෙන්වූ රහස්‍ය “රොඩී භාෂාවක්” නිර්මාණය කර ගත්තේද මෙම මනෝවිද්‍යාත්මක ආරක්ෂණ උපක්‍රමයක් (Defense Mechanism) වශයෙනි.
සාමාන්‍ය සමාජයේ මිනිසුන් තමන්ව රවටන සහ පිළිකුල් කරන පසුබිමක, තමන්ගේ අනන්‍යතාවය සහ අදහස් බාහිර ලෝකයෙන් සඟවා තබා ගනිමින් තමන්ට පීඩා කළ සමාජයට එරෙහිව මානසික පවුරක් ගොඩනඟා ගැනීමට ඔවුහු එමඟින් කටයුතු කළහ
කාලයාගේ ඇවෑමෙන් සහ අධ්‍යාපනයේ දියුණුවත් සමඟ, තඹුත්තේගම ආශ්‍රිතව ජීවත් වූ රොඩී ජනතාවගේ අලුත් පරම්පරාවට තමන් මුහුණ දෙන මෙම කුල පීඩනයෙන් මිදීමේ දැඩි අවශ්‍යතාවක් මතු විය.
ඒ අනුව, පසුකාලීනව සමාජයේ බහුතරය වූ ගොවි කුලයට සමාන්තරව එකතු වීම සහ සමාජගත වීම සඳහා ඔවුන් සිතාමතාම තම අනන්‍යතාවයන් වෙනස් කිරීමට පියවර ගත්හ.
මෙහිදී ඔවුන් සිදුකළ ප්‍රධානතම උපක්‍රමය වූයේ තම සාම්ප්‍රදායික රොඩී පවුල් නාමයන් සහ වාසගම් වෙනස් කර, සාමාන්‍ය ගොවි කුලයේ ජනතාව භාවිත කරන ඉහළ වටිනාකමක් සහිත “වාසගම්” තමන්ගේ නාමයන් ඉදිරියට නීත්‍යානුකූලව එකතු කර ගැනීමයි.
මෙම “නම් වෙනස් කිරීමේ” සංසිද්ධිය හරහා ඔවුන් තම අතීත කුල පීඩනය වසං කරමින්, නූතන සමාජය තුළ ගොවි කුලයේ අනන්‍යතාවයට මුසු වී සමාජයීය, දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයක් ලබා ගැනීමට සමත් විය.
තඹුත්තේගම යනු ඉපැරණි රොඩී ගම්මානයක් යන්න ඔප්පු කිරීමට ඇති ප්‍රබලතම සමාජීය සාධකය වන්න තඹුත්තේගම නමින් බෞද්ධ හිමිවරුන් බිහි නොවීමයි..
බෞද්ධ භික්ෂූන්ව හඳුන්වාදීම සදහා ඔවුන්ගෙ ගමේ නම මුලට යෙදීම සාමාන්‍ය සම්ප්‍රදායයි..
අතීත ලංකාවේ (විශේෂයෙන්ම මහනුවර යුගයෙන් පසු) ප්‍රධාන සඟ සසුනේ (සියාම් නිකාය වැනි) පැවිදි කිරීම සහ උපසම්පදාව ලබා දීම එක්තරා කාලයකදී “ගොවි කුලයට” පමණක් සීමා වී තිබුණි.
දේවහූවෙන් පැමිණි රොඩී ප්‍රජාව තඹුත්තේගම පදිංචි වීමත්, පැවති දරුණු කුල භේදය නිසා ඔවුන්ට පැවිදි වීමට බාධාවක් විය.
එබැවින් “තඹුත්තේගම…” යන නාමයෙන් ප්‍රසිද්ධ බෞද්ධ හිමිවරුන් බිහිවීමක් ඉතිහාසයේ දකින්නට ලැබෙන්නේ නැත.
තඹුත්තේගම රේල් පාර දෙපස පදිංචි වූ රොඩී ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායක් වූයේ අනුරාධපුර පූජා භූමියට වන්දනාවේ පැමිණෙන සිංහල බෞද්ධ ජනතාව ඉලක්ක කර ගනිමින් “සාත්තර කීමයි”.
රොඩී පිරිමින් කඹ ඇඹරීම, පියන්පත් (කළු ලෑලි භාණ්ඩ) සෑදීම සහ සිඟමන් යැදීම සිදු කළ අතර, රොඩී කාන්තාවන් අත් බලා සාත්තර කීමට අතිශය දක්ෂ වූහ.
සාත්තර කීම යනු මිනිසුන් සිහින ලෝකයක අතරමං කර බොරුවෙන් ඇන්දවීමෙ කලාවකි. පසුකාලීනව තඹුත්තේගම ආශ්‍රිතව බිහි වූ සමහරුන් ඒ ඇන්දවීමෙ කලාවෙ කෙල පැමිණියො විය..
රොඩී ජනතාවගේ මෙම සමාජයීය පසුබිම, භාෂාව සහ ඔවුන් මුහුණ දුන් පීඩනය පිළිබඳව ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරීන් සහ මානව විද්‍යාඥයින් රැසක් පර්යේෂණ කර තිබෙනවා.
19 වන සියවසේ ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨතම විද්වතෙකු වන හියු නෙවිල්, රොඩී ජනතාවගේ උපභාෂාව (Rodiya Dialect) සහ ඔවුන්ගේ සංස්කෘතිය පිළිබඳව පුළුල් ලෙස ලේඛනගත කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ රොඩී බසෙහි එන වචන සාමාන්‍ය සිංහල වචනවලින් සිතාමතාම සඟවා නිර්මාණය කරගත් ආරක්ෂණ වචන මාලාවක් බවයි.
ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු සහ මැනුම්පතිවරයෙකු වූ ආර්. එල්. බ්‍රෝහියර්, ලංකාවේ කුප්පායම් (රොඩී ගම්මාන) වල ස්වභාවය, ඔවුන්ට පනවා තිබූ ඇඳුම් පැළඳුම් තහංචි සහ සමාජය විසින් ඔවුන්ව කොන් කර තිබූ ආකාරය ඔහුගේ කෘතිවල ඉතා සංවේදීව විස්තර කර ඇත.
මහනුවර යුගයේ රොඩී ජනතාවගේ තත්ත්වය සහ රත්නවල්ලි කුමරියගේ ජනප්‍රවාදය පිළිබඳව ප්‍රථම වරට විදේශීය ලේඛනයක සටහන් තැබුවේ රොබට් නොක්ස් විසිනි.
අද වන විට කුල ක්‍රමය සමාජයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී යමින් පවතින අතර, මෙම පීඩිත ප්‍රජාවන්ගේ නූතන පරම්පරාවන් අධ්‍යාපනය, නම් වෙනස් කිරීම් සහ වෙනත් රැකියා මාර්ග ඔස්සේ සාමාන්‍ය සමාජයට මුසු වී හමාරය.
නමුත් ඉතිහාසයේ ඔවුන්ගෙ ආරම්භය පැවැත්ම සහ මෙම මානව විද්‍යාත්මක සාධක සැබවින්ම මවිතකරය..

ජනප්‍රිය පුවත්  කම්කරු වාසනා!


නිලන්ත සත්සර ගමගේ

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x