ගෝඨාගේ පෙත්සම සලකා බැලීම හෙටට කල් යයි
1 min read
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.
මෙම පෙත්සම අද අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්රියන්ත ප්රනාන්දුගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී සභාපති විනිසුරුවරයා නියෝග කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා හෙට දින කැඳවන බවයි.
ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා හෙට දින අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායකගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීමට නියමිතය.
