June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගනේෂ්ට ඇප, සලේට වැට !

1 min read

දෙමළ ඊළාම් බෙදුම්වාදී මතවාදය ප්‍රවර්ධනය කෙරෙන ගීතයක් ගායනා කිරීමේ චෝදනාවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන බන්දනාගාරගත කර සිටි සංගීතන් ගනේෂ් කුමාර් ඇප මත නිදහස් කිරීමට ඊයේ (12) අධිකරණය තීරණය කරන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත් අඩංගුවට ගන්නා ලද ඔහු යාපනය බන්ධනාගාරයේ දින 10 ක පමණ කාලයත් රඳවා තබාගෙන සිටියේ ය. ඇප ලබාදීමට අමතරව, ගනේෂ් කුමාර්ට එල්ල කර තිබූ චෝදනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත වෙනුවට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ ඉදිරියට ගෙන යාමට ජනාධිපතිවරයාගේ නියෝග පරිදි නීතිපතිවරයා විසින් පොලීසියට උපදෙස් දී තිබිණි.

LTTE ය වෙනුවෙන් ක්‍රියාත්මක ගෝලීය දෙමළ සංවිධාන ප්‍රධානින් තිදෙනකු ජනාධිපතිවරයා අමතා දෙමළ නායකයා සම්බන්ධ ගැටළුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යොදා නොගෙන සිදුකරන මෙන් ඉල්ලා තිබේ. ඉන් පසු ජනාධිපතිවරයා, පොලිස්පතිවරයාව හා නීතිපතිවරයාව ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කර ඇත.

ත්‍රස්තවාදී මතවාදය ප්‍රවර්ධනය කරන අයකුට විරුද්දව යොදා නොගැනෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත, ත්‍රස්තවාදය පැරදවීමට දිවි හිමියන් ක්‍රියා කළ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේට එරෙහිව යොදා ගැනීම ආණ්ඩුවේ දෙබිඩි ප්‍රතිපත්තිය මනාව ඉස්මතු කරන්නත් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

ජනප්‍රිය පුවත්  නැව් 5කම ගල් අඟුරු බාලයි! බොයිලේරු කැඩුනොත් මාස 6ක් විදුලිය නෑ!

සුරේෂ් සලේ තවදුරටත් මාරාන්තික උපවාසයේ නිරත අතර ඔහුගේ තත්වය අසාධ්‍ය බව ඔහුගේ පවුලේ සමීපතමයන් පවසයි.

  • කමල් දුනුවිල –

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x