June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගනේමුල්ලේ සංජීව ඝාතනයට ගම්පහ ඔස්මන් අත්අඩංගුවට

1 min read

පාතාල කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කෙරෙන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී ගම්පහ ඔස්මන්ඩ් නමැති සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.

ගනේමුල්ලේ සංජීව ඝාතනය කිරීම සඳහා අවශ්‍ය ගිනිඅවි සපයමින් මෙම සැකකරු එම ඝාතනයට ආධාර අනුබල ලබාදී ඇතැයි අනාවරණය වී ඇති බව සඳහන්.

ඔස්මන් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්’ නැමැත්තා ගම්පහ ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක්, පතරොම් ගැබ් (Magazines) 02 ක් හමුවී ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ගම්පහ ඔස්මන්ඩ් පිළිබඳ චිත්‍රපටයක් ද මෑත කාලයේදී තිරගත කෙරුණු අතර එය අධ්‍යක්ෂණය කර තිබුණේ ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වන චමින්ද ජයසූරිය මහතා විසිනි. එම චිත්‍රපටයේ මංගල දර්ශනය සහ ප්‍රචාරක කටයුතු සඳහා ද ගම්පහ ඔස්මන්ට ආරාධනා කර ගෙන්වාගෙන තිබෙනු දක්නට ලැබිණි.

ජනප්‍රිය පුවත්  භාණ්ඩාගාර වංචාව මැද අබිරහස් දුරකථන ඇමතුමක්…!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x