July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටස් වෙළඳපොළ “චටස් – පටස්” වෙයි !

1 min read

2025 අප්‍රේල් මාසයෙන් පසුව වාර්තා වූ අවම පිරිවැටුම අද වාර්තා කර ඇත්තේ කොළඹ කොටස් වෙළඳපොළ තුළ ය. එය රුපියල් මිලියන 722 ක පිරිවැටුමකි. මෙමගින් පෙන්නුම් කරනුයේ, කොළඹ කොටස් වෙළඳපොළ තුළ ආයෝජකයන්ගේ සහභාගිත්වය සහ ද්‍රවශීලිතතාවය (Liquidity) පහතට ඇද වැටීමයි.

මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ විදේශීය ආයෝජකයන් තම ප්‍රාග්ධනය ඉල්ලා අස්කරගැනීමය. 2026 වසරේ පළමු මාස 6 අවසන් වන විට කොළඹ කොටස් වෙළඳපොළෙන් විදේශීය ආයෝජකයින් ඉවත්කරගෙන ඇති ශුද්ධ මුදල රුපියල් බිලියන 33.7 ක් වේ. එනම්, රුපියල් මිලියන 33,681 කට වඩා වැඩි මුදලකි. මෙම වසරේ මුල් මාස 6 පුරාම විදේශීය ආයෝජකයන් කොළඹ කොටස් වෙළඳපොළ තුළ වූ තම ආයෝජන සෑම මාසයකම ඉවත් කරගෙන ඇති අතර, පසුගිය පෙබරවාරි මාසයේ රු. බිලියන 9.4 ක ඉහළම විකිණීමක් සිදු කර තිබේ.

විදේශීය අරමුදල් විශාල වශයෙන් ඉවත් කර ගැනීම නිසා කොටස් වෙළඳපොළ තුළ සිදුවන විශාල ගනුදෙනු ප්‍රමාණය අඩුවී තිබේ. අද (17) පිරිවැටුම රුපියල් මිලියන 722 දක්වා පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දේශීය ආයෝජකයන් පමණක් වෙළඳපොල මෙහෙයවීම සහ විදේශීය ගැනුම්කරුවන් හීනවීමය.

ජනප්‍රිය පුවත්  වසර අග වන විට ආර්ථිකය විපතක !

විදේශ ආයෝජකයන් සතු විශාල සමාගම්වල (Blue-Chip Stocks) කොටස් දිගින් දිගටම විකිණීම නිසා එම කොටස්වල මිල පහත වැටෙන අතර, එය සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) පහළ යාමට හේතු වී ඇත.

ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව පවතින දරුණු අවප්‍රමාණයවීම සහ විදේශ සංචිත කෙරෙහි ඇති බලපෑම විදේශ ආයෝජකයන් තම ලාභ සුරක්ෂිත කර ගැනීම සඳහා කොටස් විකිණීමට හේතු වී තිබේ.

මෙවැනි විශාල වශයෙන් විදේශීය ප්‍රාග්ධනය මෙරටින් පිටතට ගලායාමේ (Foreign Outflows) ප්‍රවණතාවක් මීට පෙර ප්‍රධාන වශයෙන්ම දැකගත හැකිවූයේ 2020 සහ 2021 වසරවලදී ය. 2020 වසරේ දී රුපියල් බිලියන 51 ක ශුද්ධ විදේශීය ප්‍රාග්ධන පිටතට ගලායාමක් වාර්තා වූ අතර 2021 වසරේ දී එය තවදුරටත් ඉහළට යමින් රුපියල් බිලියන 52.2 ක් පිටතට ගලා ගොස් ඇත.

මේ වසරේ පළමු මාස 6 තුළ පමණක් විදේශීය ප්‍රාග්ධන පිටතට ගලායෑම රුපියල් බිලියන 33.7 ක් වීම යනු, ඉදිරි මාස කිහිපය තුළ 2020 සහ 2021 ඉක්ම වූ අගයක් පිටතට ගලායාම නියත බව මූල්‍ය විශේෂඥයන්ගේ මතය වී තිබේ.

  • රවිඳු කුලකුරසූරිය
ජනප්‍රිය පුවත්  හිටපු පොලිස්පති සියදිවි නසා ගනී ?

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x