October 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. – SenFin

1 min read

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

‘SenFin – Sri Lanka Electricity Generation Review’ නමින් එළිදක්වා ඇති මෙම පුළුල් වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝජනය සඳහා වන සිල්ලර විදුලි ඒකකයක (කිලෝවොට් පැයක) සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 0.116ක් ලෙස සටහන් වේ.

කලාපයේ සෙසු රටවල් සමඟ සසඳන විට මෙම අගය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඉන්දියාවේ එම අගය ඩොලර් 0.077ක්ද, පාකිස්ථානයේ ඩොලර් 0.064ක්ද, සහ බංග්ලාදේශයේ ඩොලර් 0.062ක්ද ලෙස දැක්වේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පාරිභෝගිකයෙකු ගෙවන ගෘහස්ථ විදුලි ඒකකයක මිල පාකිස්ථානය සහ බංග්ලාදේශය මෙන් දෙගුණයකට ආසන්න අගයක් ගනී.

කෙසේ වෙතත්, ගෝලීය ගෘහස්ථ විදුලි ඒකකයක සාමාන්‍ය මිල ඩොලර් 0.174ක් වන බැවින්, ලෝක සාමාන්‍යයට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගාස්තුව තවමත් අඩු මට්ටමක පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.

ගෘහස්ථ ක්ෂේත්‍රයේ තත්ත්වය එසේ වුවද, වාණිජ සහ ව්‍යාපාරික විදුලි ගාස්තු අතින් ශ්‍රී ලංකාව ආසියාවේ මෙන්ම ලෝකයේද වඩාත් සහනදායී පහළම මට්ටමක පසුවීම විශේෂත්වයකි.

ජනප්‍රිය පුවත්  මළ මිනී අමුවෙන් වලලයි!

මෙරට ව්‍යාපාරික විදුලි ඒකකයක සාමාන්‍ය මිල ඇමරිකානු ඩොලර් 0.091ක් වන අතර, ඉන්දියාවේ එය ඩොලර් 0.123ක්ද, පාකිස්ථානයේ ඩොලර් 0.154ක්ද, සහ බංග්ලාදේශයේ ඩොලර් 0.100ක්ද ලෙස සටහන් වේ.

ලෝක පුරා ව්‍යාපාරික විදුලි ඒකකයක සාමාන්‍ය පිරිවැය ඩොලර් 0.164ක් වන පසුබිමක, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ගාස්තු මෙලෙස පහළ අගයක පැවතීම දේශීය නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමට ලැබුණු සුවිශේෂී තරගකාරී වාසියක් බව SenFin සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Back
Share with

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x