April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උසස් පෙළ විභාගයේ 111 ක ගේ ප්‍රතිඵළ අත්හිටුවයි!

1 min read

මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ අතර, ඉන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

මේ අතර අපේක්ෂකයින් 111 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර උසස් පෙළ විභාගයෙන් සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ගත් සිසුන් පාසල් සිසුන් ගණන 7,477ක් වන අතර, එය 3.38%ක ප්‍රතිශතයකි. පෞද්ගලික අයදුම්කරුවන් 823 දෙනෙකු ද සියලුම විෂයන් සඳහා A සාමාර්ථ ලබාගෙන ඇත.

විෂය ධාරා අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුණු ප්‍රමාණයන්

ජීව විද්‍යාව – පාසල් 59.56% – පෞද්ගලික 58.43%ක්
භෞතික විද්‍යාව – 63.96% – පෞද්ගලික 61.59%
වාණිජ – 72.02% – පෞද්ගලික 66.29%
කලා – 67.57% – පෞද්ගලික 63.57%
ඉංජිනේරු තාක්ෂණවේදය – 64.85% – පෞද්ගලික 62.65%
ජෛව පද්ධති තාක්ෂණවේදය – 71.76% සමස්ත 70.24%
වෙනත් විෂය – 55.39% සමස්ත 51.45%

මෙවර විශ්වවිද්‍යාල ලැබූ ප්‍රතිශතය පළාත් අනුව,

බස්නාහිර – 69.42%ක්
වයඹ – 68.48%ක්
උතුරු – 66.91%ක්
නැගෙනහිර – 66.32%ක්
දකුණ – 65.69%ක්
සබරගමුව – 64.97%ක්
ඌව – 63.53%ක්
මධ්‍යම – 63.04%ක්
උතුරු මැද – 60.91%ක්

ජනප්‍රිය පුවත්  ඉන්ධන තියෙන්නේ අලුත් අවුරුද්ද දක්වා විතරයි…! – ඇමති බිමල් රත්නායක…

මෙවර විශ්වවිද්‍යාල ලැබූ පිරිස අතරින් බහුතරයක් ගැහැණු දරුවන් වන අතර, ජීව විද්‍යා අංශයෙන් පමණක් පිරිමි දරුවන් වැඩි ප්‍රතිශතයක් විශ්වවිද්‍යාල වරම් ලබා ඇතැයි ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර මෙවර උසස් පෙළ විභාගයේ දී කලා විෂය ධාරාවට පෙනී සිටින දරුවන්ගේ කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබුණ බවත් එය ප්‍රතිශතයක් ලෙස 32.03ක් බවත් විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මේ අතර, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ වෙනත් විෂයන් මෙන්ම තොරතුරු තාක්ෂණය යන විෂය ධාරාවන්ට ළමුන්ගේ වැඩි නැඹුරුවක් ඇතිව තිබෙන බවද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x