උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
1 min read
උතුරු කොරියාව සහ රුසියාව සම්බන්ධ කරමින් නිර්මාණය කරන ලද පළමු පාලම විවෘත කර තිබේ.
ටුමෙන් ගඟ හරහා ඉදිකර ඇති කිලෝමීටරයක් දිග මෙම පාලම හරහා දේශසීමා අතර භාණ්ඩ සහ මගීන් පහසුවෙන් ප්රවාහනය කළ හැකි බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
දෛනිකව මෙම පාලම හරහා වාහන 300 ක් දක්වා ගමන් කළ හැකි අතර මගීන් 2323 දෙනෙකුට පාලම තරණය කළ හැකි වේ.
