July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊළඟ අවුරුද්ද හොරු හිරේ යන වසරයි..- නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්

1 min read

ඉදිරි වසර යනු මෙරට මහජන මුදල් වංචා කළ දූෂිතයන් සහ හොරුන් නීතියේ රැහැනට හසුවී සිරගත වන වසරක් වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ඔහු අවධාරණය කළේ, පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

විශේෂයෙන්ම ජනාධිපති ලේකම්වරයකු ලෙස කටයුතු කරමින් වැටුප් දෙකක් ලබාගැනීම සහ ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ 60කට අධික මුදලක් අවභාවිත කිරීම වැනි බරපතළ වංචා සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

“පඩි දෙකක් ගත්තා කියන්නේ බබෙක් නෙමෙයිනේ, මේවා රටේ ජනතාවගේ සල්ලි. මේ වගේ හොරකම් කළ අයට හිමිවිය යුත්තේ හිරගෙදරයි” යනුවෙන් ඔහු දැඩිව ප්‍රකාශ කළේය.

මෙම අත්අඩංගුවට ගැනීම් කිසිසේත්ම පුද්ගලික පළිගැනීම් නොවන බවත්, ඒ සියල්ල නීත්‍යානුකූලව නීති රාමුව තුළ සිදුවන ක්‍රියාවලියක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

දැනට ඇප මත සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, නඩු අසා අවසන් වනතුරු ඇප ලබාදීම සාමාන්‍ය ක්‍රියාවලියක් වුවද, දැන් අලුතින් අධිකරණ පිහිටුවා නඩු විභාග කිරීම වේගවත් කර ඇති බැවින් දූෂිතයන්ට නීතියෙන් ගැලවීමට නොහැකි වනු ඇති බවයි.

ජනප්‍රිය පුවත්  අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය පිළිගනී.

වර්තමානයේ ආණ්ඩුවට එරෙහිව දූෂණ චෝදනා නඟමින් කෑගසන පිරිස් පිළිබඳව විවේචනාත්මකව අදහස් දැක්වූ අමාත්‍යවරයා, මීට පෙර හොරකම්වලට සම්බන්ධ වූ පිරිස් අද තවත් පිරිසක් සමඟ එකතු වී ආණ්ඩුව හොරකම් කරන බව පවසමින් කෑගසන්නේ තමන් කළ වංචා වසා ගැනීමට බව ප්‍රකාශ කළේය.

“හොරු දන්නවා හොරකම් කරපු විදිය, ඒකයි ඒගොල්ලෝ ජනතාව ඉදිරියේ කලින්ම කෑගහන්නේ” යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x