September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය ආරක්ෂක ඇමතිගෙ ශ්‍රී ලංකාගමනය සහ විජිත හේරත්ගෙ බබා ටෝක්…!!

1 min read

ඊයෙ කැබිනට් තීරණ දැනුම් දීමෙ මාධ්‍ය හමුවේදි ඉන්දීය ආරක්ෂක ඇමති ශ්‍රී ලංකාවට ආවෙ ඇයි කියලා විජිත පට්ට හුරතල් කතාවක් කියනවා…..
විජිත කියනවා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ආවෙ ඉතා සරල අවබෝධතා ගිවිසුම් 03 ක් අත්සන් කරන්නලු.. ඒ ගිවිසුම් වලින් ලංකාවෙ ආරක්ෂාවට තර්ජනයක් නැතිලූ..
ඒ ගිවිසුම් 03 නම්..
🔴 ශිෂ්‍යභට බලකායන් අතර සහයෝගීතාව,
🔴 ආරක්ෂක විද්‍යාල අතර දැනුම හුවමාරුව,
🔴 ගුවන් ආරක්ෂක අවි 06ක් නොමිලේ නඩත්තු කරන්න
උඹලා හිතනවාද මිලියන 1.4ක ලෝකයෙ දෙවැනි විශාලතම සක්‍රීය භට පිරිසක් ඉන්න, ගෝලීය යුද ශක්ති දර්ශකයේ 4 වැනි තැන ඉන්න ඉන්දියාව වගේ මහා බලවතෙක්ගේ ආරක්ෂක ඇමතිවරයෙක්, වසර 38කට පස්සේ ලංකාවට ආවෙ මේ කැඩෙට්ස්ලා ගැනයි, KDU එකේ ශිෂ්‍යයො ගැනෙයි, ගුවන් ආරක්ෂක අවි 06 ක සර්විස් ඇග්‍රිමන්ට් අත්සන් කරන්න කියලා..
විජිත.. ඕවා ගිහින් කියපන් උඹලාට චන්දෙ දීපු ලක්ෂ 68 කොත්තමල්ලි බොන ඔටුවන්ට..
මීට වසර 38කට පෙර, එනම් 1988 වසරේදී අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ කේ. සී. පාන්ට් (K.C. Pant)..
ඔහු එවකට ලංකාවට පැමිණීමට බලපෑ ප්‍රධාන හේතු සහ පසුබිම සලකා බලන කොට ඊයෙ වර්තමාන ඉන්දියාවේ ආරක්ෂක ඇමතිලා සරල කාරණාවකට රටකට නොයන බව තේරුම් ගැනීම පහසුය..
1987 දී ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් අත්සන් කරන ලද ඉන්දු – ලංකා සාම ගිවිසුමෙන් පසු ඇති වූ ආරක්ෂක තත්ත්වයන් සහ එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට තමයි පාන්ට් ආවෙ..
1988 වන විට ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයට එරෙහිව සක්‍රීයව හමුදා මෙහෙයුම් දියත් කරමින් සිටි අතර, එම හමුදා මෙහෙයුම්වල උපායමාර්ගික තත්ත්වයන් සහ ආරක්ෂක සම්බන්ධීකරණයන් නිරීක්ෂණය කිරීම ඔහුගේ සංචාරයේ ප්‍රධානතම අවශ්‍යතාවක් උනා..
එමෙන්ම ඉන්දු – ලංකා ගිවිසුමෙ ශ්‍රී ලංකා ආණ්ඩුවෙ දායකත්වය හරියාකාරව සිදු වෙනවා දැයි බැලීම සැඟවුණු අරමුණ උනා..
දේශපාලන සහ ආරක්ෂක උපායමාර්ගික ඇසකින් බලන කෙනෙකුට විජිත හේරත්ගෙ ප්‍රකාශය බරපතළ සැකයක් මතු වෙනවා. “ලෝක බලවතෙක්ගේ ආරක්ෂක ඇමතිවරයෙක් මෙච්චර සරල කරුණු 3කට විතරක් ලංකාවට එයිද..?
නැහැ. රාජ්‍ය තාන්ත්‍රික ලෝකයේ (Diplomacy) ප්‍රසිද්ධියේ අත්සන් කරන ලියකියවිලිවලට එහා ගිය, තිරයෙන් පිටුපස දිවෙන බරපතළ භූ-දේශපාලනික ගේම් එකක් මෙතන තියෙනවා.
අපි ඒ යථාර්ථය සරලව තේරුම් ගනිමු…
2025 අප්‍රේල් මස 05 වන දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණි නිල සංචාරයේදී දෙරට අතර තීරණාත්මක ගිවිසුම් (MoUs) 07කට අත්සන් තැබුණා…
වසරක් සහ මාස 05 ක් ගිහිනුත් අදටත් ඒවායෙ මොනවාද තියෙන්නෙ කියලා ජනතාවට රහසක්.. ඒක මහ ඛේදවාචකයක්..
රටේ ස්වෛරීත්වයට සහ ජාතික ආරක්ෂාවට සෘජුවම බලපාන ඩිජිටල්කරණය, බලශක්ති සහ වඩාත්ම ආන්දෝලනාත්මක “ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතා ගිවිසුම” (Defence Cooperation Agreement) ඊට ඇතුළත්…
කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට පවා විනිවිදභාවයකින් යුතුව හෙළි නොකළ, ඉන්දියාවේ එකඟතාවයකින් තොරව අන්තර්ගතය ප්‍රසිද්ධ කළ නොහැකි බව කියන මෙම “රහස්‍ය” ගිවිසුම් රාමුව — ක්ෂේත්‍ර මට්ටමින් ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි පූර්ණ සමාලෝචනයක් කිරීම තමයි අද පැමිණි ඉන්දීය ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රධානතම රහසිගත රාජකාරිය වෙලා තියෙන්නේ.
ඉන්දියාවේ “අසල්වැසියාට ප්‍රමුඛතාව” (Neighbourhood First) සහ කලාපීය ආරක්ෂාව (SAGAR) ප්‍රතිපත්තිය යටතේ, ශ්‍රී ලංකාව තමන්ගේ ආරක්ෂක වළල්ල ඇතුළේ තියාගන්න ඔවුන්ට අත්‍යවශ්‍යයි…
විශේෂයෙන්ම ඉන්දියානු සාගර කලාපය තුළ චීනයේ නාවික සහ ආරක්ෂක බලපෑම් වර්ධනය වීම හමුවේ, ලංකාව චීනය දෙසට වැඩි නැඹුරුවක් දැක්වීම වැළැක්වීම ඉන්දියාවේ ප්‍රධානතම ජාතික ආරක්ෂක උපායමාර්ගයක්.
නව රජයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය ඉන්දියාව කෙරෙහි හැසිරෙන්නේ කොහොමද, 2025 දී අත්සන් කළ ගිවිසුම් ගැන නව පාලකයන්ගේ ස්ථාවරය මොකක්ද කියා සමීපව නිරීක්ෂණය කිරීම මෙහි අභ්‍යන්තර අරමුණක්.
මේ තෙදින සංචාරයේදී රාජ්නාත් සිං ත්‍රිකුණාමලය වැනි ආරක්ෂක සහ ආර්ථිකමය වශයෙන් අතිශය තීරණාත්මක, සංවේදී කලාපයක සංචාරය කිරීමට නියමිතව තිබෙන්නේද ඒ නිසාමයි.
රටක පාලනයට අදූරදර්ශී, ආර්ථික සහ දේශපාලන උපායමාර්ග නොදන්නා දුර්වල සහ පෞරුෂය හීන, බෙලහීන නායකයෙක් පත් වූ විට මහා බලවත් රාජ්‍යයන් විසින් එකදු වෙඩි උණ්ඩයක්වත් පත්තු නොකර, ආර්ථික උගුල් සහ ද්විපාර්ශ්වික ගිවිසුම් හරහා එම රටවල් තමන්ගේ අණසකට (Strategic Encirclement) නතු කරගන්නවා.
1970 දශකයේ ඊජිප්තුව ඇමරිකානු අණසකට නතු වීම මෙයට හොඳම උදාහරණයක්..
ඊජිප්තුවේ ශක්තිමත් නායකයෙකුව සිටි ගමාල් අබ්දෙල් නසාර්ගෙන් පසු බලයට පත් වූ අන්වර් සදාත් (Anwar Sadat) ආර්ථික අර්බුද හමුවේ බටහිරට ගැති දුර්වල විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
මෙයින් ප්‍රයෝජන ගත් ඇමරිකාව, “කෑම්ප් ඩේවිඩ්” (Camp David Accords) වැනි ගිවිසුම් සහ මූල්‍ය ආධාර (Financial Aid) හරහා ඊජිප්තුව දැඩි ආර්ථික උගුලක සිර කළා.
ප්‍රතිඵලය වුණේ අරාබි ලෝකයේ ප්‍රබලතම රාජ්‍යයක් වූ ඊජිප්තුව, එකදු ඇමරිකානු සෙබළෙකු නිල වශයෙන් රට ආක්‍රමණය නොකරම, අද වනතුරුත් මැදපෙරදිග තුළ ඇමරිකානු උපායමාර්ගික අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින ගැති රාජ්‍යයක් බවට පත්වීමයි.
විජිත හේරත් කියන විදිහට නිල වශයෙන් අත්සන් තැබෙන්නේ සරල සහ විවෘත ගිවිසුම් 3ක් වුවත්, මේ සංචාරය පිටුපස ඇති සැබෑ චිත්‍රය ඉතා පුළුල් එකක්…
එය 2025 අප්‍රේල් 05 වනදා අත්සන් කළ, ජනතාවගෙන් සැඟවුණු ගිවිසුම් 07ක ඉදිරි පියවර තැබීමත්, සමස්ත ඉන්දියානු සාගරයේ බලය චීනයට එරෙහිව ඉන්දියාව සතු කරගැනීමෙ භූදේශපාලනික අරමුණු කරගත් සංචාරයක්
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කියන්නේ මතුපිටින් පෙනෙන සරල ලියකියවිලිවලට වඩා, යටින් දිවෙන රහසිගත ගිවිසුම් සහ උපායමාර්ගික බලපෑම් ප්‍රබල සූදුවක්..
අපි කවදාවත් ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්න ජාතියක් නෙවේ.. එවැනි ජාතීයකට උරුම වන්නේ වහල්භාවය පමණයි..

ජනප්‍රිය පුවත්  තමිල්නාඩුවේ මත්පැන් හල් 717ක් වසා දැමීමට මහ ඇමති විජේ ගෙන් නියෝග

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x