October 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අමෙරිකාවේ වෙඩි තැබීමකින් 8ක් මිය යයි

1 min read

අමෙරිකාවේ පෙන්සිල්වේනියා හි ‘ඊරි’ නගරයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් ගැබිනි කාන්තාවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීම සිදු කළ තැනැත්තා ද සියදිවි නසාගෙන ඇති බවය.

මියගිය අය අතර එකම පවුලේ සාමාජිකයන් 7දෙනෙකු සහ ඔවුන්ගේ පවුලේ හිතවත් කාන්තාවක් ද සිටින බව සඳහන් වේ.

සැකකරු ප්‍රථමයෙන් නිවස තුළ සිටි පිරිසට වෙඩි තබා ඇති අතර, පසුව උපකාර ඉල්ලා අසල්වැසි නිවස දෙසට දිවගිය කාන්තාවන් දෙදෙනාට ද නිවසින් පිටතදී වෙඩි තබා ඇති බව වාර්තා වේ.

අනතුරුව නිවස තුළට ගිය 45 හැවිරිදි සැකකරු තමාටම වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

අමෙරිකා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් රොබෝ යන්ත්‍රයක් යොදාගෙන නිවස පරීක්ෂා කිරීමෙන් පසු මෙම සිරුරු සොයාගෙන ඇත.

මෙම වෙඩි තැබීමට නිශ්චිත හේතුවක් තවමත් අනාවරණය වී නොමැති අතර, සැකකරුගේ මානසික අසමතුලිතතාවක් මෙයට බලපාන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x