අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ.. විද්යාත්මක ඇත්තක් කිව්වම ‘මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්’ කියලා මට බනිනවා.. – ඇමති ලාල්කාන්ත
1 min read
ආණ්ඩුවේ නිලධාරීන් සහ ප්රකාශකයන් දක්වන අදහස් අතුරින් ඇතැම් කොටස් පමණක් තෝරා ගනිමින් ඇතැම් මාධ්ය නාලිකා රජය විවේචනය කිරීමට උත්සාහ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.
ජනතාවට මාධ්ය නාලිකාවල පවතින විශ්වසනීයත්වය පිළිබඳ මනා අවබෝධයක් ඇති බවත්, ඔවුන් ප්රවෘත්තිවල සත්ය අසත්යතාව හඳුනාගන්නේ ඒ අනුව බවත් අමාත්යවරයා සඳහන් කළේය.
“අපේ වචනයකට කෙළින්නනේ බලාගෙන ඉන්නේ… ඇති තරම් කෙළහල්ලා, අපිට මොකෝ! මිනිස්සු මාධ්ය දිහා බලද්දී ඒ ඒ නාලිකාවේ ලේබල් එක මොකක්ද කියලා හොඳට බලාගෙනයි නිව්ස් අහන්නේ.
මේක සියත, මේක ITN මේක හිරු… ආ හිරු නම් පචම තමයි. මේක දෙරණ… නයි දෙරණ, දෙරණ නම් නයා තමයි. නයා දානවා කියන්නේ… ඉතින් ඒ වගේ ඒවත් තියෙනවා.
අලුතින් වී වගාවට ඉඩම් යට කළ යුතු නැහැ කියන එක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවත්, අපේ ලේකම්තුමාත් සාක්ෂි දරන විද්යාත්මක ඇත්තක්. හැබැයි ඒ ඇත්ත කිව්වාම මුන් කියනවා ‘මූ මහා පුදුම කෘෂිකර්ම ඇමැතියෙක්’ කියලා.
අපේ ලේකම්තුමාට බනිනවා, මට බනිනවා, ආණ්ඩුවට බනිනවා. ඒගොල්ලන්ට ජාතික වශයෙන් රට තියෙන තැන තේරෙන්නෙත් නෑ, තේරුම් ගන්න උවමනාවකුත් නෑ.”
උත්සවයක් අමතමින් ඇමති කේ.ඩී. ලාල්කාන්ත මේ බව සඳහන් කළේය.
