අපරාධවල සාක්ෂිකරයෝ ලංකාවට එන්න බයයි… ඒ නිසා පිටරට ඉඳන් සාක්කි දෙන්න පුළුවන් රටක් හැදුවා…!
1 min read
මහා පරිමාණ අපරාධ පිළිබඳ සාක්ෂි ලබා දීමට ඇතැම් සාක්ෂිකරුවන් ලංකාවට පැමිණීමට බියක් දක්වන න බව ජනාධිපති අනුර දිසානායක පවසයි.
ඔවුන් වෙන රටක සිට සාක්ෂි දීමට කැමති නිසා ඒ සඳහා නීති සම්පාදනය කළ බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මේ වන විට එම රටවල පිහිටි තානාපති කාර්යාල වෙත ගොස් සාක්ෂි විමසීමට කටයුතු කර ඇති බවද නුදුරේදීම ඒ සඳහා පිරිසක් ඕස්ට්‍රේලියාවට යන බවද ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.
අපරාධ මැඩලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ශානි අබේසේකර විශාල කාර්යභාරයක් ඉටුකරන හෙයින් ඔහු අද විපක්ෂයේ සතුරෙකු බවට පත්ව ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
අද (25) දින විවාදයට ගත් විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.
