April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සංස්කෘතික හිඟන්නා

1 min read

මේ ඉන්නේ JR ය. JRට අමතරව ප්‍රේමදාසය. ප්‍රේමදාස නිර්ප්‍රභූය. JR පට්ට ප්‍රභූය. දැන් මේ දෙන්නා වාඩි වී කිරිබත් කන්නේ වප් මගුල් උළෙලකදීය. ඒක කරන්නේ ඊට ගැළපෙන ලෙසය. උඩුකය නිරුවත්ව, සරම ඇඳ පැළඳ ගෙනය. දේසේ හැටියට වාසය යැයි කියන්නේ ඒකටය.

මේ දෙන්නා මෙහෙම කිරිබත් කෑල්ලක් කෑම පට්ට සරල වීමේ ‘‘වාව්!“ කතාවක් බවට පත්වූයේ නැත. JR ප්‍රභූ වුවත්, නිර්ප්‍රභූ ලෙස රටේ මහා සංස්කෘතියට අනුගත වීම විය යුතු දෙයක් ලෙස එදා මහා සමාජය දුටුවේය. ඉතින් එය එසේ වීම මහ ලොකු කජ්ජක් ලෙස බාරගත්තේ ද නැත. එය, කොහොමටත් විය යුතු දේය.

සුද්දා උඩරට අල්ලා ගත්තේය. එහෙත්, සුද්දා මෙරට සංස්කෘතියට යටත් වුණේය. බොරුවට හෝ මෙරට බුදු දහම ආරක්ෂා කොට සුරක්ෂිත කරන බව උඩරට ගිවිසුම මගින් පිළිගත්තේය. ජෝන් ඩොයිලිගේ දිනපොතෙහි දැක්වෙන මේ උපුටා ගැනීම කියවන්න!

‘‘ආණ්ඩුකාරතුමා: ඔබ වහන්සේලා සැක සංකා ඇතිකර ගත යුතු නැහැ. භික්ෂූන් වහන්සේලාට මෙන්ම ආගමට පරිපූර්ණ ආරක්ෂාව ලබාදෙන බැවින් ප්‍රීති විය හැකියි. දිනපතා ආහාර පැරණි ක්‍රමයට අනුව, භික්ෂූන් වහන්සේලාට දිගින් දිගටම ගබඩාවෙන් ලැබේවි. “

ජනප්‍රිය පුවත්  අනාගාමික ආණ්ඩුවේ ඇත්ත ගරුසරුව !

මේ වූ කලී මහසඟරුවන මුල්කරගත් මෙරට මහා සංස්කෘතික බලය හමුවේ සුදු අධිරාජ්‍යවාදී ආණ්ඩුකාරයා කපටි සිතින් හෝ නැමුණු අන්දමය. එයින් කියැවෙන්නේ රාජ්‍යයක දේශපාලන බලය වූ ‘‘කිරුළ“ අත්පත් කරගත්ත ද එම රාජ්‍යය සතු සංස්කෘතික බලය එලෙසින් අත්පත් කරගත නොහැකි බවය. අද ඉරානයේදී ද ඇමෙරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය ඉගෙන ගනිමින් ඇත්තේ එම පාඩම ය.

සුද්දා මෙරට මහා සංස්කෘතික බලය ගැන තිබූ වැටහීමවත්, JR ජයවර්ධන වැනි ‘‘යැංකි ඩිකී“ ලෙස නාමකරණය කරන ලද ප්‍රභූ පාලකයකු හට තිබූ වැටහීමවත්, දැන් මේ රට පාලනය කරන තඹුත්තේගම ‘‘අපේ පන්තියේ එකා“ ලෙස හඳුන්වන තනි සිග්නල් කණුව යට සිටි අනුර කුමාර ජනාධිපතිට නොමැති බව ඔබට නොපෙනේද?

අනුර කුමාර ලංකාවේ දේශපාලන බලය අත්පත් කරගත් බව සැබෑය. එහෙත්, ඔහුට සංස්කෘතික බලය එලෙසින් යටත් කරගත නොහැක. ඒකට එක හේතුවක් වන්නේ සුද්දාට තරම්වත් මේ කුමාරයාට මෙරට සංස්කෘතිය ගැන වැටහීමක් නැති බව හොඳටම පෙනෙන නිසාය. අපගේ එම නිගමනය සනාථ වන්නේ පසුගිය අප්‍රේල් 05 වැනිදා ඩිජිටල් කතාවක් කරමින් මේ කුමාරයා කළ ගොන් කතාවක් හේතුකොට ගෙනය.

ජනප්‍රිය පුවත්  සමිදුනි! ඔබ කොහිද?

එහිදී කුමාරයා කිව්වේ, අවුරුදු නැකත් ඩිජිටල් ක්‍රමයට කරන්න අවස්ථාවක් දී ඇති බවය. QR ක්‍රමයට ගනුදෙනු කරන්න කියා ඉල්ලන බවය. මේ තඹුත්තේගම තනි සිග්නල් කණුව යට හිටපු කුමාරයා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැන තියෙන අවබෝධය මෙයින් පෙනෙන්නේ ය. මේ ගැන උදය රණවක නමැති මහත්මයකු සිය මුහුණු පොතේ තබා තිබූ සටහනක් උපුටා දක්වමින් මේ සටහන අප නිමා කරන්නේ ය.

‘‘අනේ අම්මපා… නැකත් ගනුදෙනුවක් කියන්නේ මොකක්ද කියලවත් මේ හාදයා දන්නව ද? දන්නේ නෑ. යකෝ ඒක යහපත් පුද්ගල හමුවීමක් මත ගනුදෙනුවට සොයා යන පුද්ගලයා කෙරෙහි ඇති විශේෂත්වයක් මත සිදුවන චාරිත්‍රයක්. ඒවා චාරිත්‍ර… වාරිත්‍ර තියෙන්නේ පුද්ගල සම්බන්ධතා එක්ක. විවිධ ජාතීන්ගේ විවිධ චාරිත්‍ර නිසා තමයි ලෝකෙ මේ විවිධත්වයක් තියෙන්නේ. පුළුවන්නම් අවුරුදු උත්සවවල ගස්ලබු ගෙඩියේ ඇට ගනින එක SCAN කරලා හරියටම කියන එකයි ඇත්තේ – වෙන දෙයක් නැත්නම්. මෙයා මේකෙනුත් කරන්නේ සිංහල සංස්කෘතියට කොහොම හරි පුළුවන් තරම් ගරහන එක තමයි..“

කතාව ඇත්තය. ගෑස් වැඩි කරන්නේ අවුරුද්දට පෙරය. විදුලිය වැඩි කරන්නේ අවුරුද්දට පෙරය. සිය දෙනෙකුට වඩා ඉන්න උත්සවවලට ජාතික විදුලිය බල පද්ධතියෙන් විදුලිය නොදෙන බව පවසන්නේ අවුරුද්දට පෙරය. එවිට අවුරුදු උත්සව සඳහා ජෙනරේටර් උවමනා වේ. එවිට වියදම සැර වැඩිය. ප්‍රතිඵලය බොහෝ අවුරුදු උත්සව අවලංගු කිරීමය. මහා සංස්කෘතිය ගරු කරන පාලකයකු නම් බලන්නේ ඒ කාලය සඳහා කුමන අයුරින් හෝ සහන දීමය.

ජනප්‍රිය පුවත්  විජිතගේ ආදරයේ… ඔබමය දියණි ඇගේ

සිංහලයාගේ ලස්සනම කාලය මේ අවුරුද්දය. ඒ කාලයේ දී QR කේත ක්‍රමයෙන් නැකතට ගනුදෙනු කරන්නට කිව හැක්කේ එක්කෝ මැට්ටෙකුටය. නැත්නම් සංස්කෘතික හිඟන්නකුටය. ”මේකා මේ දෙකෙන් මොකාද පුතා?” කියා ඇසිය යුත්තේ කාගම සිරිනන්ද හාමුදුරුවන් ය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x