July 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු දඩයම ඇරඹේ ! සූරසේන පිස්සු කෙළියි !

1 min read

ජනාධිපති අනුර කුමාරගේ විදේශගත යූ ටියුබ් බලකායේ අන්නේවාසිකයකු වූ ශ්‍රී ලාල් ප්‍රියන්ත නැමැති දූෂිතයාගේ යූ ටියුබ් නාලිකාවෙන් කරන ලද ගැරහීමකට දක්වන ලද ප්‍රතිචාරයක් ලෙස අඟුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරිය වූ එරන්දි හේවාවසම් ගේ වැඩ තහනම් කිරීමට ඊයේ (16) අධිකරණ සේවා සංගමය කටයුතු කළේය. අධිකරණ සේවා සංගමය පාලනය වන්නේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන යටතේ ය. එම මහත්මියගේ වැඩ තහනම් කිරීමෙන් පසු එහි පුරප්පාඩුවට පත් කර ඇත්තේ, මීට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු ලෙස කටයුතු කළ උද්දාල සුවදුරුගොඩ මහතා ය.

උද්දාල සුවදුරුගොඩ මහතාව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධූරයෙන් ඉවත් කරන ලද්දේ ද අගවිනිසුරු දේවගැති, ප්‍රීති පද්මන් සූරසේනගේ ආඥාදාායකත්වයට එරෙහිව මත ඵල කිරීම නිසාය. ඔහු සමගම, ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රය තුළ ඉහල පිළිගැනීමක් ඇති ආන්දෝලනාත්මක සහ ප්‍රමුඛ පෙළේ නඩු රැසක් මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු වූ ඉසුරු නෙත්තිකුමාර ද අධිකරණ සේවා සංගමයේ ඉහල වගකීමක් දරද්දී දඩුවම් මාරුවකට ලක් කරන ලද්දේ ය.

ජනප්‍රිය පුවත්  ජනාධිපති අනුර ජ.වි.පෙ. අත හරී!

ප්‍රීති පද්මන් සූරසේනගේ උප්පැන්න සහතිකය ඇතුළුව බොහෝ විස්තර ජ්‍යෙෂ්ඨ විනිසුරු ඉසුරු නෙත්තිකුමාර සතුව පවතින බැවින්, ජනාධිපති අනුර කුමාරගේ අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන උත්සහ දරන්නේ අධිකරණ ක්ෂේත්‍රයේ භීෂණයක් නිර්මාණය කර එම තොරතුරු පිටතට ඒම වැලැක්වීම සඳහා ය.

මේ අතර, උද්දාල සුවදුරුගොඩගේ සහෝදරියක් අධිකරණ විනිසුරුවරියක් වශයෙන් කටයුතු කරන අතර, උද්දාල සුවදුරුගොඩට දෙන දඬුවමක් ලෙස ඇයව ද දඬුවම් මාරුවකට ලක් කිරීමට පිස්සු සූරසේන තීරණය කර තිබේ.

මේ අනුව, මෙරට අධිකරණ පද්ධතිය බරපතල අවිශ්වාසයකට හා බිඳවැටීමකට ලක්වීමට නියමිත අතර, “බොර්න් අගේන්” දේවගැති අගවිනිසුරු සූරසේනගේ අරමුණ ඇත්තේ ද එය බව පැවසේ.

රාජ්‍යයක් සහමුලින්ම බිඳවැටුණු විට “බොර්න් අගේන්” විශ්වාසය මත පිහිටා කටයුතු කරන්නන්ගේ ප්‍රවනතාව ඉහළ යන බව එම දේවගැතිවරුන්ගේ විශ්වාසය වේ.

එයට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ “මතවාදී හිස්තැන” ය. දශක හතකට අධික කාලයක් පැවති සෝවියට් සංගමයේ බිඳවැටීමෙන් පසු, ක්‍රිස්තියානි නිකායන් ලෝක ඉතිහාසයේ වඩාත්ම ව්‍යාප්ත වූයේ 1991 වසරෙන් පසුව ය.

දැන් ක්‍රියාත්මකව ඇත්තේ ද, රාජ්‍ය ආර්ථික සහ දේශපාලනිකව බිඳවට්ටවා, එහි මතවාදී ආධිපත්‍යය දරන ලද බුදුදහම බිඳවට්ටවා, එම මතවාදී “හිස්තැන” බොර්න් අගේන් ඇතුළු ක්‍රිස්තියානි ආගමික න්‍යායන්ගෙන් පිරවීමේ මෙහෙයුම ය. අපගේ ගවේෂණ අංශය මේ පිළිබඳ තවත් තොරතුරු හා විශ්ලේෂණ ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට නියමිතය.

  • ගවේෂණ අංශය Lanka Underground News
ජනප්‍රිය පුවත්  නැව් 5කම ගල් අඟුරු බාලයි! බොයිලේරු කැඩුනොත් මාස 6ක් විදුලිය නෑ!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x