June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේවීර; ගුත්තිල හා මූසිල

1 min read

අද නොවැම්බර් 13 වැනිදා ය. ඒ, රෝහණ විජේවීර මරා දැමූ දවස ය.

විජේවීර ලංකාවේ දේශපාලන ඉතිහාසයේ බිහි වූ අතිශය විවාදාත්මක චරිතයක් විය. ඔහු පැතුවේ සමාජවාදී ශ්‍රී ලංකාවකි. ඒ සඳහා ඔහු තෝරන ලද ගමන් මාර්ගය වූයේ අධිරාජ්‍ය විරෝධී අරගලය යි. තවත් අයුරකින් කිවහොත් දේශප්‍රේමී අරගලයයි.

ඔහු දෙමළ බෙදුම්වාදී ව්‍යාපෘතිය විග්‍රහ කරනු ලැබුවේ ද මෙම අධිරාජ්‍ය විරෝධී උපායමාර්ගික දැක්මට අනුකූලව යි. ඔහුගේ වඩාත් ප්‍රකට කෘතිය වූ “දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක් ද?” කියවා බැලූ කල ඒ පිළිබඳ ඔහුගේ ස්ථාවරය වටහා ගැනීම අසීරු නොවේ.

එහි මෙසේ දැක් වේ.

“ජනවර්ග සීමා ඔස්සේ රට දෙකඩ කිරීම අද අවශ්‍යව ඇත්තේ අධිරාජ්‍යවාදීන්ටත්, දකුණු ඉන්දියාවේ හා ලංකාවේ දෙමළ ධනපති පංතියේ ජාතිවාදී කොටස්වලටත්, අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ කීකරු ගෝලයින් වන සිංහල ධනපති පංති කොටස්වලටත්, දෙමළ ධනපති හා සුළු ධනපති ජාතිවාදින් සරණ ගිය සිංහල සුළු ධනේශ්වර පංතියේ මනෝරාජික සමාජවාදී අවස්ථාවාදීන්ටත්, දෙමළ ජාතිවාදී සුළු ධනපති කොටස්වලටත් ය. ඒ හැර එය සිංහල හෝ දෙමළ හෝ මුස්ලිම් හෝ ජාතිකත්වයන්ට අයත් නිර්ධන පංතියේ අවශ්‍යතාව නොවේ. නිර්ධන පංතිය ජාතිකත්වයේ සීමා ඔස්සේ බෙදීමට, වෙනම සංවිධානය කිරීමට එකහෙලා විරුද්ධ නිර්ධන පංති සමාජවාදීහු ජාතිකත්වයේ සීමා ඔස්සේ රට දෙකඩ කරනවාටත් එක හෙලාම විරුද්ධ වෙති. දෙමළ ඊළමක් පිහිටුවීමෙන් දෙමළවත්, සිංහලවත්, නිර්ධන පංති කොටස්වලට කිසිදු ප්‍රයෝජනයක් නොවනවා පමණක් නොව දැනටමත් ඔප්පු වී ඇති පරිදි එය නිර්ධන පංති ව්‍යාපාරයට එරෙහිව මහත් සේ හානිකර බලපෑම් ඇති කරයි.”

“…එබැවින්, ලංකාව දෙකඩ කර දෙමළ ඊළම් රාජ්‍යයක් පිහිටුවීමේ ක්‍රියාදාමයට ස්ථීරසාර ලෙසින්ම විරුද්ධ වන්නා වූ ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ඊළම් දිසාවට පළමු පියවර වශයෙන් ෆෙඩරල් ක්‍රමයක් බිහිකිරීමට ද පැකිලීමකින් තොරව විරුද්ධ වේ.”

රෝහණ විජේවීර,
“දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද?”

ජනප්‍රිය පුවත්  දසුන සහ සසුන
1984 වසරේ මැයි 10 වැනි දින රෝහණ විජේවීර විසින් තම අත් අකුරෙන්ම ලියූ ලිපියක් (පළමු පිටුව)
1984 වසරේ මැයි 10 වැනි දින රෝහණ විජේවීර විසින් තම අත් අකුරෙන්ම ලියූ ලිපියක් (දෙවන පිටුව)

දැන් අප යන්නේ ඉහත දක්වා ඇති ඡායාරූපය වෙතට ය. අප ඉහත අර්ථ දැක් වූ විජේවීර සමරන්නට ප්‍රසිද්ධියේ කටයුතු කරන පක්ෂ දෙකේ පෝස්ටර් එහි දක්නට ඇත. එකක් ජනතා විමුක්ති පෙරමුණ ය. අද එය 13 වැනි සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කිරීමට එකඟ ය. එනම්, විජේවීර කී “…දෙමළ ඊළම් දිශාවට පළමු පියවර වශයෙන් ෆෙඩරල් ක්‍රමයක් බිහි කිරීමට ද…” එකඟ ය. අනෙක් පක්ෂය වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය ය. එය, පසුකාලීනව බිහි වූ ජ.වි.පෙ. න් කැඩී ගිය වුන්ගෙන් සමන්විත පක්ෂයකි. එම පක්ෂය ද ෆෙඩරල් ක්‍රමයට එකඟ ය. මේ දෙගොල්ලන්ටම උතුරේ මිය ගිය LTTE බෙදුම්වාදී ත්‍රස්තවාදීන් විරුවෝ ය. ඒ නිසා ජ.වි.පෙ. ආණ්ඩුවේ ධීවර ඇමැති චන්ද්‍රසේකරන් තිලීපන් සමරුවට ද සහභාගී වන්නේ ය.

මේ පක්ෂ දෙකම, විජේවීර ඔහුට අයත් පදනමින් වෙන්කොට දෙකට බෙදාගෙන තිබේ. එකම තාප්පය දෙකට බෙදාගෙන පෝස්ටරය ඇලවීමට හැකිවන්නේ එබැවිණි. අවශේෂ කරුණු වලට අදාළව පොඩි පොඩි රණ්ඩු පැවතිය ද දෙගොල්ලෝම ඉන්නේ එකම පදනමක ය. ඇත්තේ එකට උපන් සහෝදරයන් අතර පවා තිබිය හැකි පොඩි පොඩි වෙනස්කම් පමණි.

ජනප්‍රිය පුවත්  කළුවරේ ජරමරේ

පෙරටුගාමී නායකයා වන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ය. ජ.වි.පෙ. නායකයා වන්නේ අනුර කුමාර ය. ප්‍රේමකුමාර ගුත්තිල වන විට අනුර කුමාර මූසිල වේ. මූසිලට අවශ්‍ය ගුත්තිල අභිබවා දිනන්නට ය. ගුත්තිලට ඇත්තේ මූසිල ගැන ඒ කාරණයට පමණක් බලපාන සිත් තැවුලක් ය. ඒ හැරුණු කල, ගුත්තිල ද මූසිල ද එක ජාතියේ පුත්තු ය.

එහෙත්, මේ විජේවීරගේ සහජාත පුත්තු ද? ප්‍රභාකරන්ගේ සහජාත පුත්තු ද? විජේවීර සමරන ඔවුන්ගේ ජාතකය සොයා බැලිය යුත්තේ අවම තරමින් විජේවීර භූමිකාවට යහපත උදා වනු පිණිස ය! මේ 13 වැනි දා ඒ ගැන හිතන්නේනම්, ඉන්න තැනක විජේවීර සතුටින් සිටිනු ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x