June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වත්කම් ප්‍රකාශ භාර ගැනීම නවතයි! නොදුන් අයට දඬුවම්!

1 min read

2025 වර්ෂයට අදාළව වත්කම් ප්‍රකාශ ලබාදීමට දී තිබූ කාලය අගෝස්තු 31 වැනිදායින්
අවසන්ව ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු එම ප්‍රකාශ ලබා දිය යුතු අයගේ වාර්ෂික
සහ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ තවදුරටත් භාර ගැනීම අවශ්‍ය නොවන බවත්, අදාල දිනයෙන්
පසුව යම් හෙයකින් එම ප්‍රකාශ භාරගෙන තිබේ නම් ඒවා ආපසු ඔවුන් වෙත යොමු කළ යුතු
බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත
ලිඛිතව දන්නවා තිබේ.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුක්තව 2015.09.16
දිනැතිව නිකුත් කර තිබෙන එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ ඉහත කී දිනය වන විට එම
වාර්ෂික හා පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ ලබාදී නොමැති තැනැත්තන්ට එරෙහිව 2023 අංක 9
දරණ දූෂණ විරෝධී පනතේ 90 (5) වගන්තිය ප්‍රකාරව
නීතිමය පියවර ගන්නා බවයි.

එම වගන්තිය අනුව අදාළ ප්‍රකාශ සැප්තැම්බර් 01 වනදා වන විට එවීමට
අපොහොසත් වන තැනැත්තන්ට මහේස්ත්‍රාත්වරයකු ඉදිරිපිට පවත්වනු ලබන නඩු විභාගයකින්
අනතුරුව වරදකරු කිරීමේදී එකී තැනැත්තා අවසන් වරට ලබා ගත් මාස 12ක දළ වැටුපට සමාන දඩ
මුදලකට හෝ අවුරුද්දකට නොවැඩි සිර දඬුවමකට හෝ එකී දෙකටම හෝ යටත් කළ හැකි බවත් එම ලිපිය මගින් අවධාරණය කොට තිබේ.

ජනප්‍රිය පුවත්  ශම්මිගේ අධ්‍යක්ෂ පරිවර්තනීය ක්‍රිකට් කමිටුවෙත් අධ්‍යක්ෂ ධූරයට !

කස්තුරි විජේමාන්න underground වාර්තාකාරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x