පින්ටෝ අනතුරුදායකයි! ප්‍රවේශමෙන් පරිහරණය කරන්න!
1 min read
මේ ඉන්නේ මිලින්ද පින්ටෝ ය. මොහුගේ තාත්තා විදේශිකයකු වීම නිසා ඔහුගේ වාසගම පින්ටෝ විය. නමුත් මේ පින්ටෝ ලංකාවේදී පාවිච්චි කරන්නේ අම්මාගේ වාසගම ය.
මේ පින්ටෝ පවත්වාගෙන යන ආයතනයේ නම පාත් ෆයින්ඩර් ය. එම ආයතනයේ සේවය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ, හමුදා සේවයේ දස්කම් පෙන්වා විශ්‍රාම ගිය පිරිස් ය. එම පිරිස් හරහා රාජ්‍ය දේහය තුළ සිදුවන සියල්ල දැන ගැනීම මේ පින්ටෝගේ අරමුණ ය. පසුගිය දා අත්අඩංගුවට ගත් සුරේෂ් සලේ නම් වූ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ද විශ්‍රාම යාමෙන් පසු රැකියාව කළේ පින්ටෝගේ පාත්ෆයින්ඩර් තුළ ය.
අසංග අබේගුණසේකර පසුගිය දා නිකුත් කළ WINDS OF CHANGE කෘතියේ සදහන් වැදගත් කරුණු 2ක් මේ පින්ටෝට අදාළ ය. එම කරුණු දෙක පොතෙහි සදහන් වන්නේ ගෝඨාභය රාජපක්ෂ තමන්ට අත් වූ ඉරණම ගැන කියන කතාව අතරය.
I. කමල් ගුණරත්න ගෝඨාභයට පිටුපෑව බව හා නියෝග අනුව ක්‍රියා නොකළ බව
II. එකල විදේශ අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ කොළඹගේ, තමන් ජනාධිපති වූ වහාම ස්විස් තානාපති කාර්යාලය හරහා පැන නැගුන චෝදනාව සම්බන්ධව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන දුන් උපදෙස් වැරදි බව. එම උපදෙස් පිළිගෙන ක්‍රියා කළේනම් තමන් විශාල ප්‍රශ්නයකට ගොදුරුවන බව.
ගෝඨාභය කියන උපදෙස් නොපිළිගත් හා වැරදි උපදෙස් ගෝඨාභයට දුන් මේ දෙදෙනාම, තම රාජකාරී ජීවිතයෙන් පසු පාත්ෆයින්ඩර් තුළ සිටි වැටුප් ලබන සේවකයන් ය. පොතේ සදහන්ව නැතත්, ගෝඨාභය සිය සමීපතමයන් හා පවසා ඇති ‘‘P.B. මට ඇත්ත තත්වය වැහුවා – නොමග යැව්වා!“ යන ප්‍රකාශය අදාළ වන පී.බී. ජයසුන්දර ද විශ්‍රාම යාමෙන් පසු පාත්ෆයින්ඩර් ගජයකු විය.
පින්ටෝට මේ ආයතනය පවත්වාගෙන යාමට මුදල් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය යි. ඊට අමතරව ඉන්දියාව ද පින්ටෝව නඩත්තු කරනු ලබයි. මේ සල්ලි යොදවා වැදගත් පුද්ගලයින් මිලදී ගැනීම හරහා රාජ්‍ය රහස් දැනගැනීමත්, තම ස්වාමියාගේ අවශ්‍යතාවට අනුව, රාජ්‍ය නායකයා සහ එම දේහය නොදැනුවත්වම අර්බුදය කරා ගෙන යාමත් පින්ටෝ විසින් සිදුකරනු ලබයි.
ආර්ථික අර්බුදය පා මුල ශ්‍රී ලංකාව පවතිද්දී රුපියල නිදහසේ පා කර හරින ලෙස ඉන්දියාව කියන බවත්, එය නොකළහොත් ඉන්දියාවෙන් ලැබෙන මූල්‍ය සහය අහිමිවනු ඇති බවත් කියා ගෝඨාභය බියට පත්කර, එම වැරදි තීරණය කරා පෙළඹවූයේ ද එවකට ඉන්දියාවේ සිටි ශ්‍රී ලංකා තානාපති මිලින්ද පින්ටෝ ය.
මේ පින්ටෝ මේ දිනවල චම්පික රණවක, ජී.එල්. පීරිස් යනාදීහු නිතර නිතර හමුවේ. බෞද්ධ භික්ෂූන් වහන්සේ ද නිතර නිතර බැහැ දකී. ඔහු සිතා සිටින්නේ මාලිමා පාලනය අල වන විට පින්ටෝට පාර කැපෙනු ඇත කියා ය.
හුස්ම අදින රටේ බෙල්ල මිරිකන්න අවශ්‍යනම් අප එයට සහය විය යුතුය. පින්ටෝගේ සිහිනය සැබෑ කළ යුතුය. එහෙත් අපට පිස්සු හැදී තිබිය යුතුය.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
