පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතර ඒඩ්ස් ව්‍යාප්තියේ වැඩිවීමක්..
1 min read
පාසල් සිසුන් සහ විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු තරුණ ප්‍රජාව අතර HIV/AIDS ආසාදිතයින් වාර්තා වීමේ පෙර නොවූ විරූ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින්, වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සහ සිසුන් දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් කඩිනම් හා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගනිමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ වනවිටත් ආසාදිත පාසල් හා සරසවි සිසුන් පිරිසක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබාදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම කෙරෙහි ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇති බවත් ඒ මහතා පවසයි.
