June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපතිගේ ජපාන සංචාරයත් ජර්මන් ගියා වගේ!

1 min read

ජනාධිපති අනුර දිසානායක ඉදිරියේදී යෙදී ඇති ජපාන සංචාරයේදී ද එරට රාජ්‍ය නායකයා මුණ නොගැසෙන බවත්, ඒ වෙනුවෙන් වෙනත් ප්‍රධානීන් කිහිප දෙනෙකු මුණ ගැසී අනතුරුව ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාව මුණ ගැසීම පමණක් සිදුවන බවත් වාර්තා වේ.

ඔහුගේ පසුගිය ජර්මන් සංචාරයේදී ද සිදුවූයේ මෙවැනිම තත්වයකි. සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයා, තවත් රටකට ගියවිට එරට රාජ්‍ය නායකයා හමුවීම සිදු වෙතත්, ජනාධිපති අනුර දිසානායකට එම අවස්ථාව හිමිව නැත.

පසුගිය දා චීනයේ පැවැති ෂැංහයි කෝපරේෂන් සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති සහභාගී නොවුණේ ඇයි දැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාට ලඟදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමට ඇමෙරිකා එක්සත් ජනපදයට හා ජපානයට යෑමට ඇති බැවින් සහභාගී වීමට හැකියාවක් නොවූ බව ය.

වින්ද්‍යා දිසානායක underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x