“C.J. නැතුව මුන්ව හිරේ දාන්න බෑ !” ජනාධිපති කියයි !
1 min read
පසුගිය 21 වැනි දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජාතික ජන බලවේගයට සමීප පක්ෂපාති නීතිඥ කණ්ඩායමක් මුණ ගැසී තිබේ.
එම හමුවේදී අදාල නීතිඥ කණ්ඩායම (35 ක පමණ පිරිසකි) අතර සිටි නීතිඥවරු කිහිපදෙනකුම ජනාධිපතිවරයාගෙන්, වත්මන් අගවිනිසුරුවරයාගේ විශ්‍රාම යන වයස දික් කිරීම පිළිබඳව ප්‍රශ්න කර ඇත. ඔවුන් පවසා ඇත්තේ, එවැන්නක් වුවහොත් එය සමස්ත අධිකරණ පද්ධතියේම බිඳ වැටීමට හේතුවනු ඇති බවයි. එමෙන්ම, වත්මන් අගවිනිසුරුවරයාගේ (දේවගැතිවරයාගේ) ක්‍රියා කලාපය විසින් විනිසුරුවන්ගේ ස්වාධීනත්වය හා පෞරුෂත්වය බිඳ වට්ටවා ඇති බවද එම නීතිඥයන් විසින් පෙන්වා දී තිබේ.
එහිදී, ඒ සඳහා ජනාධිපතිවරයා විවිද පිළිතුරු දී ඇතත්, එයින් සෑහීමකට පත් නොවූ අදාල නීතිඥයන් දිගටම ඒ පිළිබඳ පීඩනය එල්ල කරන විට ජනාධිපතිවරයා පවසා ඇත්තේ “මේ C.J. (අගවිනිසුරු) නැතුව මුන්ව හිරේ දාන්න බෑ!” කියාය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව එහි සිටි අති බහුතරයක් නීතිඥවරු කළකිරීමට පත්ව තිබේ. එමෙන්ම, අදාළ නීතිඥ හමුව නිමාවීමෙන් පසුව, ඔවුන් එකිනෙකා සමග කතා බහ කර ඇත්තේ ජනාධිපතිවරයා දෙන ලද පිළිතුර විවේචනය කරමින්ය.
මෙම කරුණු ඉදිරියේ දී එම නීතිඥ හමුවට සහභාගි වූ නීතිඥයකු විසින්ම හෙළිදරව් කිරීමට නියමිතව තිබේ.
- ජගත් වීරකුමාර –
