C.J. පිස්සෙක් ! ජනාධිපතිගෙ යාලුවා කියයි !
1 min read
වත්මන් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන පිළිබඳව මෙතෙක් කිසිවකු විසින් හෝ අණාවරණය නොකළ, ඉතා භයානක කරුණු ප්‍රමාණයක්, ජනාධිපතිගේ ලන්ඩනයේ සිටින මිතුරා වූ උවිඳූ කුරුකුලසූරිය විසින් අණාවරණය කර තිබේ.
ඔහුගේ මුහුණු පොතේ ඵළ කර තිබෙන එම කරුණු අනුව පැහැදිලිවන්නේ ප්‍රීති පද්මන් සූරසේන මානසික රෝගියකු බවයි. ඔහුගේ සම්පූර්ණ සටහන මෙසේ වේ.
“කැතැයි ! ලැජ්ජයි ! නින්දිතයි ! උසස්පෙළ විභාගයේ ලකුණු වලින් විශ්ව විද්‍යාලයට යන්න බැරි වෙලා නේවි එකට බැඳිලා, එතන එපාවෙලා තමන්ට මානසික අසනීපයක් තියෙනවා කියලා නේවි එකේ පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියට ගිහින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ බොන්ඩ් එකෙන් නිදහස් වෙන්න කිව්ව කතාව. තාත්තට පිහියෙන් ඇනලා මරණවා තමන්ගේ ඇස්දෙකෙන් ඇත්තටම දැකපු පුතෙක්. පස්සේ නීති විද්‍යාලයට ගිහින්, දැන් අග්‍රවිනිශ්චයකාරය වෙලා නඩු තීන්දු ලියන රටකුත් දකුණු ආසියාවේ තියෙනවා. ප්‍රශ්නෙ තියෙන්නේ ඒ කියපු මානසික ලෙඩේට කවුන්සිලින් ගියාද? බෙහෙත් ගත්තද කියන එක. ඒ අයගේ රටේ ජනාධිපති ඒ අයට විශ්‍රාමයාමේ වයස තව අවුරුදු දෙකකින් වැඩි කරන්න යනව. ඒක අධිකරණය පාලනය කිරීමක්. ඒ රටේ ජනාධිපති ඒ අර පැටිකිරිය දන්නවා. දැන් ඒක පාවිච්චි කරලා අධිකරණය බ්ලැක් මේල් කරනවා !”
උවිඳූ කුරුකුලසූරිය තමන් සඳහන් කරන ආසියාවේ රට ශ්‍රී ලංකාව බව පමණක් මෙහි සඳහන් කර නැත. එහෙත් අප කළ සොයාබැලීමේ දී අණාවරණය වූයේ මේ අවස්ථාවේ දී කිසිදු රටක අගවිනිසුරුගේ විශ්‍රාම යන වයස වසර 2 කින් වැඩිකිරීම ගැන සාකච්ඡාවක් හෝ නොමැති බවය. එවැනි උත්සාහයක් පවතින්නේ ශ්‍රී ලංකාවේ පමණක් බවය.
ඒ අනුව මෙහි ඇති භයානක කරුණ වන්නේ නාවික හමුදාවෙන් ඉවත් වීමේ දී ප්‍රීති පද්මන් සූරසේනට උපයෝගී වූ මානසික වෛද්‍ය වාර්තාව ජනාධිපතිවරයා තමන් අතේ තබාගෙන අගවිනිසුරු හරහා මුලු මහත් අධිකරණ පද්ධතියම නටවන බවට වන චෝදනාව ය. මෙය මුලු මහත් ශිෂ්ඨසම්පන්න සමාජය මහත් තැතිගැන්වීමකට ලක්කරන සුවිශේෂී අණාවරණයක් වන්නේ ඒ අනුව ය.
දේශපාලන රැකවරණය ලැබ එංගලන්තයේ වාසය කරන උවිඳූ කුරුකුලසූරිය පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර කුමාරගේ ජයග්‍රහණය වෙනුවෙන් විවෘතවම පෙනී සිටි අයෙකි. එමෙන්ම ජනාධිපතිවරයා හා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එංගලන්තයේ සංචාරයක නිරත විට, නිසැකවම පෞද්ගලිකව මුණගැහෙන සමීප මිතුරෙකි.
වත්මන් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ පියා මරා දමා ඇත්තේ 1989 ජ.වි.පෙ. භීෂණ සමයේය. ඒ ඔවුන් පදිංචිව සිටි ප්‍රදේශයේ තරුණයන් “JVP කාරයන්” ලෙස හංවඩු ගසා ආරක්ෂක අංශ වලට ඔත්තු සැපයීම මත ප්‍රාදේශීය ජ.වි.පෙ. සන්නද්ධ අංශයේ කණ්ඩායමක් විසින් සිය නිවස තුළදීම ඔහුව මරා දමා තිබේ. ඒ බව අපගේ ගවේෂණයේ දී ද සනාථ වී තිබේ. ඔවුන් පදිංචිව සිට ඇත්තේ මාතර, දික්වැල්ල ප්‍රදේශයේ ය.
මේ වන විට දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගේ අධිකරණ පරිශ්‍රයේ පිහිටි පෞද්ගලික කාර්යාලය තුළට ද CCTV කැමරා සවිකර ඇත. එවැන්නක් සිදුව ඇත්තේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ය.
- දීපල් සමරසිංහ –

ටිල්වින් සහ උවිදු ලන්ඩන් නුවර

උවිදු සහ අනුර ලන්ඩනයේදී ජනාධිපතිවරණය ආසන්නයේ දී…

උවිදුගේ මූනු පෙතේ සටහන..
